කැලණි ගඟට විසි කළ දරුවා ගඟට දැමීමට පෙර පාලම් ගැට්ටේ ගසා ඝාතනය කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 30, 2017

කැලණි ගඟට විසි කළ දරුවා ගඟට දැමීමට පෙර පාලම් ගැට්ටේ ගසා ඝාතනය කරලා

වැලිවේරිය ප්‍රදේශයේ මවක් සිය 6 හැවිරිදි දරුවා සමග කඩුවෙල පාලමෙන් කැළණි ගඟට පැනීමේදී අතුරුදන් වූ දරුවාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගනු ලැබුවා. ඒ නාවික හමුදාව විසින් අද පෙරවරුවේ කළ මෙහෙයුම් කටයුතුවලදීයි. අද පෙරවරුවේ කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මව විසින් අදාල දරුවා ගඟට දැමීට පෙර ඔහුගේ හිස පාලමේ බැම්මෙහි ගසා ඝාතනය කර ඇති බවයි.

පළමුව ගඟට තල්ලු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අදාල දරුවා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස හිස පාලමේ ගසා ඇති බව සඳහන්. කෙසේ වෙතත් අවට සිටි පිරිස් විසින් කාන්තාව බේරාගෙන රෝහල් ගත කළ අතර පසුව  ඇය බියගම පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, අදාල මව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad