රට එන්න එන්නම අගාධයට යනවා.. ශ‍්‍රීලනිප මැති ඇමතින් 20-25ක් තීන්දුවක් ගන්න සූදානම්..- ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

රට එන්න එන්නම අගාධයට යනවා.. ශ‍්‍රීලනිප මැති ඇමතින් 20-25ක් තීන්දුවක් ගන්න සූදානම්..- ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති

‘රටේ අද නැති ප්‍රශ්නයක් නැති තරම්. සංඛ්‍යාලේඛන සියල්ලම කණ පිට හැරිලා. මේවායින් බේරෙන්න නම් ටිකක් වැඩ කරන්න වෙනවා. රට එන්න එන්නම අගාධයට යනවා. ඒ අතරේ වාහන ගෙන්වීම නම් අනුමත කිරීමට බැහ. 

මෙවා මේ විදියට ගියොත් ඉදිරි සැප්තැම්බරයේදි ශ්‍රිලනිප මැති ඇමතිවරු විස්සක් විසි පහක් තීන්දුවක් ගනීවි. ජනාධිපතිවරයාටත් ඒ ගැන අවබෝධයක් ඇති’ යයි මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවේ ස්වදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා පවසයි. ඔහු මෙසේ පැවසුවේ අද (11) ලංකාදීප පුවත්පතේ “රජ වීදිය” සමඟ පැවත්වු සම්මුඛ සාකච්ඡාවකදිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාටකයෙන් එල්ලන්න ආණ්ඩුවේ සමහරුන් යෝජනා කලා ඒක ආණ්ඩුවේ මතය ද යන්න පුවත්පත විමසු අවස්ථාවේ නිමල් ලන්සා ප්‍රකාශ කලේ ” ඒ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්, සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනම අයෙක් ඒ ප්‍රකාශයට ප්‍රිය මනාප නැහ” යන්නය.

එමෙන්ම මෙවර මැයි දිනය සම්බන්ධව අදහස් විමසීමේදී කතෝලික භක්තිකයකු වන හෙතෙම ප්‍රකාශ කලේ ‘දැනටමත් 95% ආණ්ඩුවට බනිනවා. ගෝල්ෆේස් එකට පාප් වහන්සේ බලන්න පැමිණියාට වඩා වැඩි පිරිසක් පැමිණියා. ඒක තමයි ආණ්ඩුවට දීපු හොඳම පණිවුඩය’ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad