‘‘මම නලුවෙක් නම් බුදුරජාණන් වහන්සේත් නලුවෙක්ද? – ගොන් වෙන්න එපා! තමා විසින් තමාවම නිරුවත් කරගන්න එපා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 19, 2017

‘‘මම නලුවෙක් නම් බුදුරජාණන් වහන්සේත් නලුවෙක්ද? – ගොන් වෙන්න එපා! තමා විසින් තමාවම නිරුවත් කරගන්න එපා (VIDEO)

ළඟදිම එළියට එනවැයි කියන ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක ගැන ෆේස්බුක් එකේ උදවිය මේ දිනවල හරි හරියට කතා වෙනවා.

ආරංචියේ හැටියට මේ මියුසික් වීඩියෝව හෙට නිකුත් වෙනවලු.ඒ විතරක් නෙමෙයි පුරුදු විදියටම මේ මියුසික් වීඩියෝවත් අඩ නිරුව් දර්ශණ ඇතුළත් වෙලා තියනවලු. හැබැයි මේ ගැන හැමෝම කතා කරන්න පටන්ගෙන තියෙන්නේ ඒ නිසා නෙමෙයි. සිරි සඳහම් ආශ්‍රාමාධිපති සමන්තබද්‍ර හිමියන්ද මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වෙලා.

ඉරාජ් කියන විදියට රහතන් වහන්සේ නමක් Music Video එකක ඉන්න පළවෙනි වතාව මේකලු. කොහොම වුණත් මේ ගැන බොහෝ දෙනාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙමෙයි. කොහොම හරි ඊයේ ෆේස්බුක් ලයිව් ආපු සමන්ත භද්‍ර හිමියෝ මේ චෝදනාවන්ට පිළිතුරු ලබාදී තිබුණා.

එහිදී උන්වහන්සේ විමසුවේ චිත්‍රපටවලදී නලුවන් බුදුහාදුරුවන්ට මල් පූජා කරන අයුරු දැක නොමැතිද යන්නයි. එසේ නම් බුදු රජාණන් වහන්සේද රඟපාන්නේ දැයි උන් වහන්සේ විමසා සිටියා. ඉරාජ් කියන්නේ අප ලගින්ම කටයුතු කරන කෙනෙක් ඔහු සාම්පදායික නෑ මම එහෙම මිනිසුන්ට කැමැතිත් නෑ

සාම්පදායික මිත්‍යා දුෂ්ඨික නොවන සමාජයට හොඳ පණිවිඩයක් ලබාදීමේ වීඩියොවක පෙනී සිටිමේ වරදක් නැති බවයි උන්වහන්සේ එහිදි සඳහන් කළේ. පළමුව එම වීඩියෝව නරඹන ලෙසත්, එය එය තමා තමා විසින් නිරුවත් කර ගැනිමක් බවත්, ගොන් කමට විවිධ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන ලෙසත් උන් වහන්සේ එහදි වැඩිදුරටත් පවසා තිබුණා.

වීඩියෝව පහතින් නරඹන්න..











No comments:

Post a Comment

Post Bottom Ad