දියණිය මරා Facebook Live දුන්න පියාත් දිවිනසාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 26, 2017

දියණිය මරා Facebook Live දුන්න පියාත් දිවිනසාගනී

තායිලන්ත ජාතිකයෙකු විසින් සිය කුඩා දියණිය ඝාතනය කරන අයුරු Facebook Live ඔස්සේ රූගත කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තම කුඩා දියණිය ඝාතනය කොට අදාළ පුද්ගලයා ද සිය දිවි හානි කර ගෙන ඇති බව ය. සිය බිරිඳ සමග ඇති වූ ආරවුලකින් අනතුරුව අදාළ පුද්ගලයා අවුරුදු 21ක් වයසැති සිය දියණිය හෝටලයක් තුළදී එල්ලා ඝාතනය කර තිබේ.

පසුගිය සඳුදා (24/04/2017) ෆුකට් ප්‍රදේශයේ පාළු හෝටලයකදී මෙම ඝාතනය සිදුව තිබේ. මෙම සිද්ධියට මුහුණ දුන් පවුලේ සාමාජිකයින් වෙත ෆේස්බුක් ආයතනය සිය ශෝකය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර අදාළ සිදුවීමේ දර්ශන ෆේස්බුක් තුළින් මේ වන විට ඉවත් කර ඇති බව ද ෆේස්බුක් ආයතනය එම පවුලේ සාමාජිකයින් වෙත දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad