උතුරට නැගෙනහිරට විශාල සංවර්ධනයක් කලේ මහින්දයි.. ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් මහින්ද සමඟ සන්ධාන ගත වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

උතුරට නැගෙනහිරට විශාල සංවර්ධනයක් කලේ මහින්දයි.. ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් මහින්ද සමඟ සන්ධාන ගත වේ..

වසර 30 ක් පැවති යුද්ධය නිසා රටේ දුප්පත්කම වැඩ්යෙන්ම තිබුණ පලාත් මෙන්ම අඩුම සංවර්ධනයක් තිබුණ උතුරු නැගෙනහිර පලාත් රටේ අනෙක් දිස්ත්‍රික්වලට නොදෙවෙනි ආකාරයෙන් කිසිදු භේදයක් නැතිව සංවර්ධනය කොට විශාල දියුණුව ඇති කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවත් එම සංවර්ධනයට නායකත්වය ලබාදෙමින් උතුරු වසන්තය නැගෙනහිර උදානය බැසිල් රාජපක්ෂගේ මෙහෙය වීම මත සිදු කල බව කිසිදාක එහි ජනතාවට අමතක නොවන බවත් උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක්ම ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ සමග සංධාන ගතවීමට සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කලේය.

පසුගිය දින කිහිපය තුල මෙවෙනි සාකච්ඡා වට කිහිපයක්ම මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී සිදු කල අතර ඉදිරීයේදි එම පක්ෂ සමඟ සංධාන ගත වී උතුරු නැගෙනහිර පලාත් සඳහා මෙන්ම කොළඹ මහා නගර සභාව සඳහා පැවත්වෙන පලාත් පාලන මැතිවරණය සඳහා පොදු ලකුණක් යටතේ තරග කිරීමට නියමිතය.

උතුරු වසන්තය යටතේ යාපනය දොරේඅප්පා ක්‍රිඩාංගනය සංවර්ධනය ආරම්භ කලේය. ඒ සඳහා උතුරු මහ ඇමති සී විග්නේෂ්වරන් මහතා සමඟ හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්ව ඉන්දියානු හිටපු තානාපතිවරයා සමඟ සිටි අවස්ථාවක්.


 

No comments:

Post a Comment

Post Bottom Ad