තිලංග මහ නාහිමිට ගල් පැලෙන බොරු කියයි.. පුත්තලම-අරුවක්කාලු කෝච්චි පාර දන්නැති රටේ නියෝජ්‍ය කථානායක.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

තිලංග මහ නාහිමිට ගල් පැලෙන බොරු කියයි.. පුත්තලම-අරුවක්කාලු කෝච්චි පාර දන්නැති රටේ නියෝජ්‍ය කථානායක..

මල්වතූ මානාහිමියන් බැහ දැකීමට ගිය ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා විසින් මානාහිමිපාණන් විසින් කුණු ප්‍රශ්නය සම්බන්ධව විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉසින් අනුමත කොට තිබු පුත්තලම අරුවන්කුලම කසල බැහර කිරීමේ ව්‍යපතිය සම්බන්ධව කරුණු විමසන ලදි.

එහිදි තිලංග සුමතිපාල මහතා වගකීමෙන් තොරව මෙරට උත්තරිතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස අති පූජ්‍ය මල්වතු පාර්ශ්වයේ මා නාහිමි වෙත පැවසුවේ ඒක ඉතාම අසාර්ථක ව්‍යාපතියක් මෙන්ම එහෙම දෙයක් අවම වශයෙන් සැලසුම් කොට හෝ නොතිබුණ බවයි.

එහෙත් සත්‍ය වනුයේ 2014/08/14 වෙනිදා අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදන මගින් සනාථ කොට ඇත්තේ ” නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර ලීමේ ක්‍රමවේදයක්/ පද්ධතියක් තුලින් කොළඹ නගරාශ්‍රිතව ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ සංක්‍රාමණය සහ බැහරලීමේ – කොළඹ අගනගර ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපතිය” යටතේ රුපියල් මිලියන 14017 ක් එනම ඇ.ඩොලර් මිලියන 107 වියදම් කොට ව්‍යාපතිය ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් වගයි. (Link)

මේ අනුව පැහැදිලිව මල්වතූ මානාහිමියන් නොමග යැවීම උදෙසා තිලංග සුමිතිපාල මහතා විසින් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අමාත්‍යවරයෙකු ලෙස සිටී පසුගිය අමාත්‍ය මණ්ඩලය ගනු ලැබු තීරණය සම්බන්ධව හිතාමතාම බොරුවක් ප්‍රකාශ කොට ඇති බවයි. සමහරවිට එම කාලයේදී ඔහු අමාත්‍යවරයෙකු නොවු අතර සමාන්‍ය මන්ත්‍රීවරයෙකු වීම නිසා ද විය හැකිය.

දෙවෙනි බොරුව කොළඹ කුණු කෝච්චියෙන් පුත්තලමටත් එතැන් සිට හැතැප්ම 18 ලොරි මගින් අරුවක්කාලු දක්වාත් ගෙන යෑමට විශාල මුදලක් වැයවන බවයි. එහෙත් එදා සිටම කොළඹ සිට පුත්තලමටත් එහි සිට අරුවක්කාලු සිමෙන්ති සඳහා හුනුගල් ලබා ගත් (යෝජිත කසල කළමනාකරණ කරන) මධ්‍යස්ථානය දක්වාම කෝච්චි පාර ඇති බව ඔහු විසින් වසන් කිරීමට උත්සහ ගෙන ඇත, නැත්නම් නියෝජ්‍ය කථානායක ලෙස රටේ සැබෑ තතු නොදන්නා කමින් විය හැකිය, දුම්රිය මාර්ගය පුත්තලම සිට අරුවක්කාලු දක්වා ගූගල් සිතියම මෙතනින්

එමෙන්ම පුත්තලම සිට අරුවක්කාලු සිමෙන්ති සඳහා හුනුගල් ලබා ගෑනිමට යන දුම්රියක් මෙතනින්


 

No comments:

Post a Comment

Post Bottom Ad