රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට් අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව ඇත.
මීළඟ ආර්ථික කමිටු රැස්වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන හොබවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ. ආර්ථික කමිටුවේ ප්‍රධානියා ලෙස මෙතෙක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අතර දැනට ක්‍රියාත්මක ආර්ථික රටාව නිසි මාවතකට ගෙන ඒමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කමිටුවේ මුලසුන ගන්නා බව ඉහත ආරංචි සඳහන් කරයි.
ආර්ථික කමිටුවට සහභාගි වීම සඳහා අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා උත්සාහ කර ඇතත් ඒ සඳහා අවස්ථාවක් මෙතෙක් නොලැබුණ නිසා මීළඟ රැස්වීම් වාරයේ සිට ඊට සහභාගි වියයුතු බවට තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
– දිවයින
Sunday, April 23, 2017
ආසියාවේ සුපිරි මොලය ඉවතට.. මෛත්‍රී රටේ ආර්ථිකය හැසිරවීම අතට ගනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment