'විශේෂ නීති අවශ්‍යයි' - උතුරේ ආණ්ඩුකාරගෙන් ප්‍රකාශයක්!   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

'විශේෂ නීති අවශ්‍යයි' - උතුරේ ආණ්ඩුකාරගෙන් ප්‍රකාශයක්!  

'විශේෂ නීති අවශ්‍යයි' - උතුරේ ආණ්ඩුකාරගෙන් ප්‍රකාශයක්!  

යුද්ධය නිසා අවුරුදු  තිහක් දුක්වින්ද මේ මිනිසුන්ට විශේෂ නීති අවශ්‍ය බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා වවුනියාව, මාමඩුව ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය රෝහල් පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව වකුගඩු රෝග පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඞ් කුරේ මහතා, 

“අසනීප වුනාම අපි කවුරුත් රෝගීන් එතනදී සිංහල ඩයබිටික් දෙමළ ඩයබිටික් කියල වර්ග කරලා සිංහල වකුගඩු දෙමළ වකුගඩු කියලා වර්ග කරලා එහෙම වෙනසක් නැහැ. ලෙඩක් හැදුනම ඒ සියල්ලම හැමෝටම පොදුයි. මේ සියල්ලටම වඩා උතුම්ම දේ මනුෂ්‍යත්වයයි. අපි හැම තිස්සෙම නැතිකම, බැරිකම ගැන කතා කරනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැහැ.

මේ යුද්ධය නිසා වැඩිපුර හානි වුනේ පාලම් පාරවල් බෝක්කු වලට වඩා මිනිස් ජීවිත වලටයි. මේ ප‍්‍රදේශයට හැකියාව දක්ෂකම සුදුසකම් ඇති දොස්තරවරු සාත්තු සේවකයින්ගේ ලොකු අඩුපාඩුකම් තියෙනවා. යුද්ධය නිසා අවුරුදු තිහක් දුක්වින්ද මේ මිනිසුන්ට විශේෂ නීති අවශ්‍යයි.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය. 

 

No comments:

Post a Comment

Post Bottom Ad