බුලත් විටි මාමා මියගිය පසු දරුවන්ට බිරියට එපාවූ මළ සිරුර ත්‍රීරෝද මල්ලිලා භාරගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

බුලත් විටි මාමා මියගිය පසු දරුවන්ට බිරියට එපාවූ මළ සිරුර ත්‍රීරෝද මල්ලිලා භාරගනී


බුලත් විටි මාමා මියගිය පසු
දරුවන්ට බිරියට එපාවූ මළ සිරුර
ත්‍රීරෝද මල්ලිලා භාරගනී


මනුෂ්‍යත්වයේ නාමයෙන් ඇතැම් තැනෙක සිද්ධවන සත් ක්‍රියා බොහෝ අයට නොදැනීම සැඟව යයි. තමන්ගේ පවුලට ඥාතීන්ට එපාවූ බුලත්විට විකුණන පුද්ගලයෙකු මළ පසු ඔහුගේ මළ සිරුර භාරගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවූ තැන ඔහුගෙන් බුලත්විට මිලට ගන්නා ත්‍රී රෝද රථ රියදුරු මල්ලිලා පිරිසක් එය භාරගෙන
අගනා ලෙස අවසන් කටයුතු ඉටුකළ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වුණා.

අනුරාධපුර පැරැණි නගර බස් නැවතුම ඉදිරිපිට බුලත්විට විකුණමින් සිටි නන්දසිරි (71) නමැති මේ පුද්ගලයා ගලේ මාමා හෝ ‘බුලත්විටි මාමා‘ යන නාමයෙන් කවුරුත් හඳුනන අයෙකු බව කියැවේ. පසුගිය 30දා හදවත් රෝගයකට ලක්වී අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඔහුව ඇතුළත් කරන ලද්දේ කඩේ අසළ ත්‍රීරෝද රියදුරු මල්ලිලාය. රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර නාගොල්ලායාය ගලේවෙල ලිපිනයේ ඔහුගේ ඥාතීන් වෙත දැනුම් දුන් පසුව
බිරිය හෝ දියණිය මෘත

දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.
ඔවුන් ගැන බුලත්විට මාමා නොබැලූ බවත් ඔහුගේ මරණය දුකට හේතුවක් නොවන බවත් ඔවුන් පවසා තිබුනේ විමති සහගත ලෙසය.

මිනිසත්කම හදවතේ ඇති අනුරාධපුර පැරැණි නගර බස් නැවතුම ඉදිරිපිට එක්සත් ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් එක්වී මෘත ශරීරය භාරගෙන සියලුම චාරිත්‍ර ඉටු කරන ලද්දේ ඉන් පසුය.
ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයකු මෙසේ කියා ඇත.
"අපි ඥාතීන් හොයාගෙන ගලේවෙලට ගියා. ඔහුගේ බිරිය, දුව, මුනුපුරන් මුණගැසුණා. මරණ පරීක්ෂණය සඳහා ඔවුන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට කැඳවාගෙන ආවා. නමුත් ඔවුන් සියලුම දෙනා මරණය භාර ගැනීමට අකැමැති වීම නිසා අපි තීරණය කළා සංගමයේ සියලු දෙනා එක්වී චාරිත්‍රානුකූලව සිරුර භූමදානය කරන්න.
මාමාගේ ළඟත් තිබුණු සල්ලිත් දාලා අඩුපාඩුවට අපිත් එක්කහු වෙලා මුදල් එකතු කරගෙන මල් ශාලාවෙන් සියලුම වැඩකටයුතු කරලා මිනිය ගෙනාවා පැරැණි බස් නැවතුමේ මාමා බුලත් විට වික්ක තැනට. මාමාගේ අවසන් කටයුතු සියලුම චාරිත්‍ර කරලා. ස්වාමීන්වහන්සේ නමක් ස්ථානයට වඩම්මවලා පින් පමුණුවලා පැන් වඩලා භූමදාන කටයුතු කළා. අපි මාමාට පින් පමුණුවලා හත් දවසට බණක් කියන්නත් කටයුතු කරනවා. සංගමයේ ලේකම්වරයා, භාණ්ඩාගාරික ඇතුළු සාමාජිකයන් හැමදෙනාම මේ කටයුත්තට සහයෝගය දුන්නා"
අනුරාධපුර විජයපුර නිසල නිම්නයේදී (විජය පුර කනත්තේ) බුලත්විට මාමා භූමදානය කරද්දීවත් පවුලේ අය නොපැමිණි අතර
තමන්ට දුක සැප සමග බුලත්විට බෙදාගත් මාමා වෙනුවෙන් ත්‍රීරෝද රියදුරු මල්ලිලා යුතුකම් ඉටු කර තිබුණි.

(තොරතුරු -අනුරාධපුර - මහේෂ් විජේසූරිය)

No comments:

Post a Comment

Post Bottom Ad