ෆොන්සේකාට කිසිදු හමුදා බලයක් දෙන්නේ නෑ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

ෆොන්සේකාට කිසිදු හමුදා බලයක් දෙන්නේ නෑ.

වැඩ වර්ජන අවස්ථාවකදී අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම කළමනාකරණය කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට තනතුරක් ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා මිස ත්‍රිවිධ හමුදා ප්‍රධානියකු ලෙස රාජකාරියක් භාර දීමට කිසිදු අයුරකින්...කතිකාවක් නොවූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. 

කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් වැරැදි අවබෝධයකින් මාධ්‍ය වාර්තා කර ඇති බව පැවැසූ අමාත්‍යවරයා මර්දනකාරී වැඩපිළිවෙළක් හෝ එවැනි බරපතළ කතිකාවක් හෝ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ කර සිදු නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මහතා පැවැසීය.

වැඩ වර්ජන උද්ඝෝෂණ වැනි අවස්ථාවකදී මහජන පීඩනය අවම කර ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා සතු වෘත්තීය පළපුරුද්ද සහ දැනුම ප්‍රයෝජනයට ගනිමින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමත් ඒවා කළමනාකරණයත් තුළින් ජනතාවට සිදුවන පීඩනය අවම කර ගැනීමේ පරමාර්ථයෙන් ජනාධිපතිවරයා එවැනි යෝජනාවක් කළ නමුත් එවැනි පදවියක් හෝ තනතුරක් තවමත් ෆොන්සේකා මහතාට ලබාදී නැතැයිද මෙරට සිටින ඉහළම හමුදා නිලය හිමි ෆොන්සේකා මහතාට තවත් හමුදා පාලනයක් භාර දීමට රජයේ කිසිදු අදහසක් නැති බවද මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ පිළිතුරු ලෙස මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad