කසළ විසඳුමට ප්ලාස්ටික කන පණුවෙක් සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 25, 2017

කසළ විසඳුමට ප්ලාස්ටික කන පණුවෙක් සොයා ගැනේ

පොලිතින්, ප්ලාස්ටික් වැනි ඝන ද්‍රව්‍ය  ආහාරයට ගත හැකි දළඹු විශේෂයක් හඳුන්වාදීමට බ්‍රිතාන්‍ය කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය සමත් වී තිබෙනවා. එරට විද්‍යාඥයින් සඳහන් කරන්නේ පැයක කාලයක් ඇතුළත පොලිතින් මල්ලක් මෙන්ම, ප්ලාස්ටික් ආහාරයට ගෙන විනාශ කිරීමේ හැකියාව එම දළඹු විශේෂයට පවතින බවයි.

ගැලරියා මෙලොනෙලා නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දළඹු විශේෂය පොලිතින් සහ ප්ලාස්ටික් වියෝජනය සඳහා යොදා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ මෙම දළඹු විශේෂය පොලිතින්, ප්ලාස්ටික්, කසළ ගැටළුවට අස්වැසිල්ලක් විය හැකි බවයි.


ආහාරයට ගන්නා ප්‍රමාණයට අමතරව සියුම් දත් මගින් ඝන පොලිතීන් කුඩා අංශු බවට පත් කිරීමේ හැකියාවද මෙම දළඹුවන්ට පවතිනවා.  තියුණු දත් සහ මුඛයේ පිහිටීම මත ඔවුන්ට පොලිතීන් සහ සාමාන්‍ය ප්‍රමාණයේ ප්ලාස්ටික් දූවිල අංශු තරමට කුඩා කළ හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. පහත දැක්වෙන්නේ එම පරීක්ෂාවෙන් පසුව මෙලොනෙලා විශේෂයේ දළඹුවන් ආහාර ලෙස ගෙන අංශු බවට පත් කළ පොලිතීන් කිහිපයක්.







No comments:

Post a Comment

Post Bottom Ad