නිරුවත් ඡායාරූප ගැන අනෝමා කියන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 25, 2017

නිරුවත් ඡායාරූප ගැන අනෝමා කියන කතාව

අනෝමා ජනාදරී කියන්නේ මෙරට රංගන ක්ෂෙත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් කිව්වොත් නිවැරැදියි.

ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ඉකුත් දිනවල ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇතුලත් කර තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් ඇය සති අන්ත පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවක්.

අනෝමා ජිනාදරී නිරුවත පෙන්නලා සමාජයේ කතාබහට ලක්වෙන්න උත්සහ කරනවාද?

වේදිකාවෙදි, ඉංග්‍රීසි නාට්‍යවලදි, ටෙලිනාට්‍යවලදි වගේම සිනමාවෙදි මම උසස් රංගනවලට දායක වුනා. හිට්ලර්, මාඝාත, දුන්හිද අද්දර, දියකැට පහන, තනි තටුවෙන් පියාඹන්න ඉන් කිහිපයක්. ඒ විදිහට ප්‍රතිරූපයක් ගොඩනගාගත් මාව විග්‍රහ කරන්නේ මෙහෙමද

ඔබේ ඒ රංගනය අපි හැමදාම අගයනවා. ඒත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම ගැනයි අපි විමසන්නේ?

ශෘංගාර රසය කියන්නේ නව රසයෙන් එකක්. ශෘංගාරය තුල ලිංගිකත්වය තියෙනවා. නිළියක් විදිහට මම ඒ ඡායාරූප දැම්මේ ශෘංගාර රසය වෙනුවෙන්.

ඔබ තරුණ දූවරු ඉන්න මවක්. මේ විදිහේ ඡායාරූපවලට එල්ලවන අවමානය ඒ දියණියන්ටත් බලපානවා නේද?

ඇත්ත වශයෙන්ම ඒ දියණියන්ට බලපෑවේ ඔවුන්ගේ පියා විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය වෙනුවෙන් ඔවුන්ගේ අම්මා රෙදි ගලවලා නිරුවත් වූ අවස්තාවේදි. ඉන් නොනැවතී එහි ඩී. වී. ඩී පට ලක්ෂගානක අම්මගේ නිරුවත එක්වුනා. ඔහු කරේ මගේ නිරුවත වෙනුවෙන් වේතනයක් නොගෙවා බඩගෝස්තරවාදී ලෙස මුදල් හම්බකිරීම.

No comments:

Post a Comment

Post Bottom Ad