තහනම් ගහේ ගෙඩි කෑ මව බිළිඳාව මරා ගහක් යට වලදැමූ හැටි හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

තහනම් ගහේ ගෙඩි කෑ මව බිළිඳාව මරා ගහක් යට වලදැමූ හැටි හෙළිවෙයි

හසලක -  මහඅස්වැද්දුම - පතෝල කොටුව ගම්මානයේ පදිංචි කාන්තාවක් විසින් සිය අනියම් පෙමින් ඇති වූ දරු ගැබකින් උපන් බිලිදෙකු ඝාතනය කර නිවස පිටුපස වල දමා තිබියදි සොයා ගැනීමට හසලක පොලිසිය සමත් වී තිබෙනවා.

වයස අවුරුදු තිස් හතක් වන මෙම කාන්තාව පසුගිය දහසය වනදා දරුවා ප්‍රසූත කර පසුව නිවස අසල පිදුරු ගොඩකට දරුවා විසි කර ඇති බවයි වාර්තා වන්නේ. පසුව සුනඛයකු විසින් දරුවාගේ මල සිරුර රැගෙන යනු දුටු කාන්තාව නිවස අසල පැපොල් ගසක් යට මෙම මල සිරුර වල දමා ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාවගේ කසාද සැමියා අවුරුදු දෙකකට පෙර ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර ඇයට දරුවන් දෙදෙනෙකු සිටින බවත් වැඩිමහල් දරුවා වයස අවුරුදු දහනවයක පසුවන බවත් පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ. මලසිරුර මහියංගණය ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා ඉදිරියේ ගොඩගත් අතර පරීක්ෂණ හසලක පොලිසිය සිදු කරනු ලබනවා.

සැකකාර කාන්තාව මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමට නියමිතයි.

(ජයන්ත වීරසේකර)

No comments:

Post a Comment

Post Bottom Ad