නැව්ගැඩවිලා ලෙස හඳුන් වන වර්ගයේ ඉතා දුර්ලභ යෝධ ගැඩවිලකුගේ සජීවී නිදර්ශකයක් ප්‍රථම වරට පිලිපීනයෙන් සොයාගැනීමට හැකි වී ඇතැයි විද්‍යාඥයෝ පිරිසක් පවසති.
මෙම ගැඩවිලා දිගින් අඩි 5ක් පමණ වන අතර අඟල් 2.3ක පමණ විශ්කම්භයකින් යුතු වේ. පිලිපීනයේ මින්දනාවෝහි නාවුක වරායකින් මෙම වර්ගයේ යෝධ නැව්ගැඩවිලන් පස්දෙනකු හමුවී ඇත. මට්ටියන් අයත් වන දෙපියන් බෙල්ලන්ගේ කාණ්ඩයට අයත් වන මොවුන් පල් වූ දැව හා මඩ ආහාරයට ගන්නා ගන්නා බවත් ඝන කොපුවක් තුළ දිවිගෙවන බවත් විද්‍යාඥයෝ පවසති.
අවුරුදු ගණනාවක සිට මොවුන් සම්බන්ධ තොරතුරු දැන සිටියත් සජීවී සතකු මේ වනතෙක් දැකගැනීමට හැකි වී තිබුණේ නැත. ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාව සම්බන්ධ ජාතික ආයතනයේ සඟරාවක මේ සම්බන්ද තොරතුරු එළිදක්වා ඇති අතර ඇමරිකානු, චීන සහ ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක් මෙම සොයාගැනීමට දායක වී ඇත.
Wednesday, April 19, 2017

ලොව ලොකුම ගැඩවිල්ලා සොයාගනී
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment