ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්.. ශ‍්‍රී ලංකික දේශප්‍රෙමීන්ට වතුරවත් නොදේ.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 25, 2018

ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්.. ශ‍්‍රී ලංකික දේශප්‍රෙමීන්ට වතුරවත් නොදේ.. [Video]

ශ්‍රී ලංකා යුධ හමුදාවට සමුල ඝාතන චෝදනා නගමින් උද්ඝෝෂණ කළ කොටි ඩයස්පෝරාවේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති LA අසීස් මහතා රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇත.

මේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා මානවහිමිකම් සැසිය තුල එල්ල කරද්දී ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු මුනිවත රැක්කහ. මේ ගැන තානාපති කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසු විට ඔහු ප්‍රකශ කළේ ලංකාවේ ප්‍රශ්නය විසදීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සංහිඳියාව වර්ධනය කිරීමට මේ ආකාරයේ වැඩසටහන්වල නියැලෙන ලෙස තමන්ට කොළඹින් උපදෙස් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා තානාපතිගේ මෙම ක්‍රියා කලාපය ගැන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන් ජිනීවාහි අද පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජගත් දේශප්‍රේමී ලංකික සංවිධානයේ විධායක කමිටු සාමාජික දුෂාන්ති හපුගොඩ මහත්මිය අදහස් දැක්වීය. රියර් අද්මිරාල් සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට සහභාගී වූහ.

– ජිනීවා විශේෂ



No comments:

Post a Comment

Post Bottom Ad