මරදාන පොලීසියේ ප්‍රජා ඒකකයේ OIC ගෙල වැලලාගෙන මියයයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

මරදාන පොලීසියේ ප්‍රජා ඒකකයේ OIC ගෙල වැලලාගෙන මියයයි 

මරදාන පොලීසියේ ප්‍රජා ඒකකයේ OIC ගෙල වැලලාගෙන මියයයි 

මරදාන පොලිසියේ භට නිවාසයේ කාමරයක තිබී පොලිස් නිලධාරියකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි.

සිය භටනිවාසය තුළදී ඔහු ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ (05) දහවල් ඔහු සියදිවි හානි කරගෙන ඇති අතර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ ඊයේ පස්වරුවේදී බව වාර්තා වේ.

53 හැවිරිදි මරදාන ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙයි.

කුමන හේතුවක් මත මොහු සියදිවි හානි කර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත.

මරදාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad