ඒකාබද්ධයේ ආයු කාලය අගෝස්තුවෙන් අවසන් - රාජිතගෙන් අනාවැකියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

ඒකාබද්ධයේ ආයු කාලය අගෝස්තුවෙන් අවසන් - රාජිතගෙන් අනාවැකියක්

ඒකාබද්ධයේ ආයු කාලය අගෝස්තුවෙන් අවසන් - රාජිතගෙන් අනාවැකියක්

ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

ඒකාබද්ධ විපක්ෂය ඕනෑම චෝදනාවක් එල්ල කළ ද එය ඔවුන් වෙත යළි ගමන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ දී ඊයේ (05) මාධ්‍ය අමතමිනි. 

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් විසින් සිදු කළ වංචා දුෂණවලට අගෝස්තු මාසය වන විට දඩුවම් ලැබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

රට සක්‍රීක තත්ත්වයට ගෙනඒමට වත්මන් රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ පාතාලය මර්දනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

රට තුල සංවර්ධනයක් සිදු නොවූ බවට නැගෙන චෝදනාවලට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ වසර 02 ක් තුල සංවර්ධනය වූ රටක් ලොව කොතනකවත් නොමැති බවයි. සංවර්ධන සංග්‍රාමය ආරම්භ කර ඇති බව සදහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී එම ප්‍රතිඵල දැකබලා ගත හැකි බව ද සදහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad