දැනට ගැටලු රාශියකට මුහුණ දි ඇති රටේ ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන අමාත්‍යාංශය වහාම වෙනස්කිරීමට ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් සිටින බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන් ගෙන් වාර්තා වේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ රජයේ සිටිය ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම වර්තමාන රජයේ ද අමාත්‍යවරයෙකු වන කොළඹ දිස්ත්‍රික් නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ නම මේ වනවිට එම අමාත්‍ය ධූරය සඳහා යෝජනා කොට ඇත. එසේ එම අමාත්‍ය ධූරය වෙනස් වුවහොත් දැනට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ආයතනයක් ද නැවතත් එම අමාත්‍යාංශය යටතට පත් කිරීමට නියමිතව ඇත.
නව අමාත්‍යවරයා ලෙස යෝජනා වී අමාත්‍යවරයා සම්බන්ධව ජනාධිපතිවරයා අධෛර්යයමත් කිරිමට හිටපු ජනාධිපතිනිය කටයුතු යොදමින් සිටින බව දැන ගැනීමෙන් පසු ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයේ මේ සම්බන්ධ උනන්දු වන රාජ්‍ය අමාත්‍යවරයෙක් දැඩි වෙහෙසක් දරමින් කෙසේ හෝ මෙම වැදගත් අමාත්‍යාංශය ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවය ගැනීමට අවශ්‍ය කටයුතුවල යෙදෙමින් සිටි.
කරුණු එසේ වුවත් දැනට එම තනතුර දරන අමාත්‍යවරයාගේ බිරිඳ රටේ බලවතකුගේ දියණිය සමඟ පවතින සම්බන්ධතාවය තව දුරටත් ඔහු එම තනතුරේ රැදි සිටින්න කටයුතු කරන අතර යම් කිසි අයුරකින් එම ඇමතිවරයා දරණ වැදගත් අමාත්‍ය ධූරයේ වෙනසක් සිදු කලහොත්, ඔහු විසින් ඉදිරියට වෙනත් අමාත්‍ය ධූරයක් භාර නොගෙන පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුනක ප්‍රේමදාස රජයේ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන ඇමතිවරු සිටි සේ ඉදින බවට අවශ්‍ය පාර්ශවයන් වෙත වක්‍රව දන්වා යවා ඇත.
Friday, March 3, 2017
ඉහලම අමාත්‍යාංශයක කඩිනම් වෙනසක්.. නව ඇමතිවරයා ශ්‍රිලනිප කොළඹ ලොක්කෙක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment