ඊයේ රාත්‍රියේ පැල්මඩුල්ලේ කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ නිවසට බැසිල් රාජපක්ෂ පැමිණියේ අමාත්‍යවරයාගේ නැන්දම්මාගේ අවමඟුලට අවසන් ගෞරවය දැක්වීමටයි. බැසිල් රාජපක්ෂ එහි එන වග පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා සහ ජානක වක්කුබුර මෙන්ම හිටපු අමාත්‍යවරියක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය දැනගෙන සිටි අතර ඔහුන් ඒ වනවිටත් ජෝන් සෙනෙවිරත්න මහතාගේ නිවසට පැමිණ සිටිය හ.
ප්‍රදේශයේ විශාල පිරිසක් එම මන්ත්‍රීවරුන් සමඟ එහි රොක් වී සිට අවස්ථාවක හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි පැමිණ අමාත්‍යවරයාගේ නැන්දම්මාගේ දේහයට අවසන් ගෞරවය දැක් වුහ. එම අවස්ථාවේදිම ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා ද අවමගුල පැවති අමාත්‍යවරයාගේ නිවසට පැමිණ දේහයට ගෞරවය දැක්වීමෙන් අනතුරුව ටික වේලාවක් බැසිල් නිමල් සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන් තිදෙනා පමණක් වෙනමම සාකච්ඡා කල අතර ඒ වනවිට එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පලාත් සභා හා පලාත් පාලන නියෝජිතයින් එම ස්ථානයෙන් ඉවත්ව සිටියහ.
ඉතා කුලුපගව සාකච්ඡාවේ යෙදි සිටි පැරණි කැබිනට් සගයින් තිදෙනා සාකච්ඡා කල කිසිවක් අවට සිටි කිසිවකුටත් ඇහුම්කන් දීමට නොහැකි වූ අතර ඉතා සමීපව කතා කලේ රටේ දේශපාලන අනාගතය ගැන බව සැමට තේරුම් ගියේ ඒ වනවිටත් අමාත්‍යවරයාගේ නිවසේ රැදි සිටි නාමල් රාජපක්ෂ හෝ වෙනත් කිසිම මන්ත්‍රීවරයෙකු එම සාකච්ඡාව කරන ස්ථානයේ රැදි නොසිටිමෙනි.
Monday, March 13, 2017
බැසිල්, නිමල්, ජෝන්ගේ නිවසේදි රහස් කතා.. මේ සුදානම සුභ අනාගතයකටද..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment