ආදිවාසීනුත් මතට ලොල් වෙලා - කොළඹින් මත්ද්‍රව්‍ය යවන ජාවාරමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 31, 2017

ආදිවාසීනුත් මතට ලොල් වෙලා - කොළඹින් මත්ද්‍රව්‍ය යවන ජාවාරමක්

ආදිවාසීනුත් මතට ලොල් වෙලා - කොළඹින් මත්ද්‍රව්‍ය යවන ජාවාරමක්

හෙරොයින්, කේරළ ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය නිසා දිඹුලාගල මනම්පිටිය, දළුකාන ප්‍රදේශවල ගැටළු රැසක් මතු වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම මත්ද්‍රව්‍ය මනම්පිටිය නගරය, මාගංතොට කුඩාසිරි ගම්මාන, ආපදා ගම්මානය මෙන්ම දළුකාන යන ආදිවාසී ගම්මානයේ ද සීඝ්‍රයෙන් පැතිරයාමෙන් ප්‍රදේශයේ තරුණ පරපුර මෙන්ම පාසල් සිසුන්ගෙන් විශාල පිරිසක් ඊට ගොදුරු වී ඇති බවද ගම්වාසීන් පෙන්වා දෙති.

හෙරොයින්, කේරළ ගංජා කොළඹ ප්‍රදේශයේ සිට වැලි ටිපර් රථ හරහා මනම්පිටියට ගෙනවිත් ඇතැම් පාසල් සිසුන් ‍මගින් ගම්මානවලට යොමුකර අලෙවිකරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවද විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුම පැවසූහ.

මීට අමතරව දිඹුලාගල කන්දේ හා අවට කසිප්පු හෙවත් නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමෙන් ආදිවාසීන් මෙන්ම ඇතැම් පාසල් සිසුන් ඒවා බීමට පුරුදු වී සිටීමෙන් පවුල් ආරවුල් හා ගැටළු රැසක් මතු වී ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරති.

මනම්පිටියේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන හෙරොයින්, ගංජා ජාවාරම පිළිබඳව පොලිසිය දැනුවත් කළද මෙතෙක් වැටලීම් කර කිසිවෙකුත් අත්අඩංගුවට නොගැනීම පුදුමයට කරුණක් බවද සිවිල් ආරක්ෂක සමිති නියෝජිතයින් පිරිසක් පැවසූහ.

 

-ලක්බිම-

No comments:

Post a Comment

Post Bottom Ad