උපවාසය අත්හල විමල් රජයේ සාක්ෂිකරුවෙක් වෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 31, 2017

උපවාසය අත්හල විමල් රජයේ සාක්ෂිකරුවෙක් වෙයි?

උපවාසය අත්හල විමල් රජයේ සාක්ෂිකරුවෙක් වෙයි?

රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවු සියලු වංචා හා දුෂණ පිළිබඳ හෙළිකර ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර රජයේ සාක්ෂිකරුවෙක් වීමට විමල් වීරවංශ මහතාට අවස්ථාව හිමිව ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ සමාජික අකලංක හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

විමල් වීරවංශ මහතා කිසිම අවස්ථාවක තමා වරදක් සිදු නොකළ බව ප්‍රකාශ කරන්නේ නැති බවත් තමා පමණක් නොව වාහන අවභාවිතා කරනු ලැබු තවත් අය ඉන්නවා යැයි ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විමල් වීරවංශ මහතා රජයේ සාක්ෂිකරුවෙක් වශයෙන් ඉදිරිපත් වන්නේ නම් සිවිල් සංවිධාන ලෙස ඒ සම්බන්ධයෙන් රජයට බලපෑමක් කිරීමට ඉදිරිපත් විය හැකි බවත් අධිකරණ තීන්දුවට එරෙහිව උපවාස කිරීම සාධාරණයක් ලබා ගත හැකි පිළිතුරක් නොවන බවත් අකලංක හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.

ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (30) සිය උපවාසය අත්හැරීමට තීරණය කළේය.

විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය.

ජාතික රෝහලට ඊයේ පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසී ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad