අමෙරිකා එක්සත් ජනපදය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන ටෙම්පල්ටන් අරමුදල විසින් ඉකුත් වසරේ සහ මේ වසරේ මුල් මාස දෙක ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියනයක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 475ක මුදලක් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබේ.
ටෙම්පල්ටන් අරමුදල විසින් 2016 වසරේදී මෙරටින් පිටකළා වූ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1කි. මේ වසරේ පෙබරවාරි මස 28දා වන විට ටෙම්පල්ටන් අරමුදල විසින් පිටතට ගෙන ගිය මුදල ඩොලර් මිලියන 475ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ තත්ත්වය යටතේ මහ බැංකුව සතු සංචිත ඩොලර් මිලියන 30ත්, 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට ඩොලර් මිලදී ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.
ටෙම්පල්ටන් අරමුදල වර්ෂයකුත්, මාස 2ක් ඇතුළත ඩොලර් බිලියනයක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 475ක මුදලක් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමට පියවර ගෙන ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.
අමෙරිකාවේ ඩොලරය 0.25ක ප්‍රතිශතයකින් අව ප්‍රමාණය වීම නිසා ටෙම්පල්ටන් අරමුදල ඩොලර් පිටතට ගෙන ගිය බවද ඒ මහතා පැවැසීය.
No comments:
Post a Comment