උතුරු පළාතේ සංවර්ධනයට නව සැළැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තම අමාත්‍යාංශ යටතේ පවතින සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන ලෙස සෑම අමාත්‍යවරයෙකුටම උපදෙස් දෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ කාල සටහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද උපදෙස් දෙන බව කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ, ජනපතිට කියන්න, වැඩසටහනේ ප‍්‍රථම ප‍්‍රාදේශීය කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (04) ආරම්භ කරමිනි.
මෙම නව වැඩසටහන තුළින් උතුරේ ජනතාවගේ ගැටලු සහ ප‍්‍රශ්න තමන් වෙත ඉදිරිපත් කිරීම තවදුරටත් පහසුවනු ඇති බව පැවසූ ජනාධිපතිවරයා රටක් ලෙස අප ඉදිරියට යා යුත්තේ සියලු ජනතාවගේ ගැටලු විසඳමින් එම සියලුදෙනා සමග අත්වැල් බැඳ ගනිමින් බව ද කියා සිටියේය.
තමා ඉදිරි මාස කිහිපය තුළ සෑම මසකම අදාළ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිළධාරින් සමග උතුරට පැමිණ එම පළාත් මැති ඇමතිවරු සහ නිලධාරින් සමග පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ සොයා බලන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
රැකියා ඉල්ලා යාපනයේ උපාධිධාරින් පිරිසක් පසුගියදා නිරතවූ විරෝධතා ව්‍යාපාරය පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ එම විරෝධතා නොපවත්වා අද දින තමා හමුවූයේ නම් ඒ පිළිබඳ වඩාත් සතුටට පත්වන බවයි.
විරෝධතා, උපවාස සහ උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ අත්‍යාවශ්‍යම අවස්ථාවලදී බවත් නැතහොත් ඒවායේ වටිනාකම් පිරිහී යන බවත් පැවසූ ජනාධිපතිවරයා වත්මන් රජය සහ ජනතාව අතර බේදයක් ඇති කිරීමට අද උතුරේත්, දකුණේත් එක ලෙස යම් බලවේගයන් කි‍්‍රයාත්මක වන බව කියා සිටියේය.
යුද්ධය අවසන් වී වසර 08 ක් ඉක්ම ගියද තවමත් රටේ ජනතාවගේ සිත් එකට එක්වී නොමැති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා වත්මන් රජයේ මෙම සෑම උත්සාහයක්ම එම බිඳුණු සිත් එකට එක් කරමින් යළි යුද්ධයක් ඇති නොවන පරිදි සියලු ජනතාව අතර සාමය සහෝදරත්වය ගොඩනැගීමට බව ද කියා සිටියේය.
No comments:
Post a Comment