උසාවියේ ගිනි අවි හැංගූ මොළකරු රෝසා මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

උසාවියේ ගිනි අවි හැංගූ මොළකරු රෝසා මාට්ටු

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සඟවා තිබියදී සොයා ගැනුණු ගිනි අවි සිද්ධියට අදාළව එහි ප්‍රධාන සැකකරු යයි කියනු ලබන ‘රෝසා‘ හෙවත් එස්.ඩී.රොෂාන් ඉන්දික ද සිල්වා යන අය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඊයේ දිනයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට බාරවී ඇති බවත්, එයින් අනතුරුව මොහු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

ඉකුත් මාර්තු 01 වන දින ගල්කිස්ස පොලීසිය විසින් අධිකරණ භූමියේ සිදුකළ සෝදිසියකදී  චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් හා එයට යොදන ජීව උණ්ඩ 4ක්ද,  රිවෝල්වරය්‍ක් හා එම උණ්ඩ 6ක්ද හමුවිය.

මෙම අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ පැවති බව නිරීක්ෂණය වී ඇති බවත්, එබැවින් මෙම අවි කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රැගෙන ආ බවට පොලීසිය සැක පළකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

No comments:

Post a Comment

Post Bottom Ad