ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව සංශෝධිත පෙත්සම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.
අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස සිදුකළ බවට ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් 14 අද කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ සඳරුවන් සේනාධීර මහතාගේ ලිපිනය ලෙස මාලඹේ ලෙස දක්වා ඇතත්, මේ වනවිට ඔහු පදිංචි ස්ථිර ලිපිනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සංශෝධිත පෙත්සම් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
යළිත් මෙම පෙත්සම් සලකා බැලීම ලබන මැයි 16 වැනිදා දක්වා කල් තැබීමටද එහිදී පියවර ගෙන තිබේ.
No comments:
Post a Comment