අතුරුදන් තරුණයෙකුගේ මළ සිරුරක් නානුඔය “ග්ලාසෝ” ඔයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

අතුරුදන් තරුණයෙකුගේ මළ සිරුරක් නානුඔය “ග්ලාසෝ” ඔයේ

නානුඔය “ග්ලාසෝ” ඔයේ  ඊයේ (05) පස්වරුවේ දිය නෑමට ගොස් දිය සුළියකට අසුවී අතුරුදන්ව සිටි
තරුණයෙකුගේ මළ සිරුර 
අද (06) පෙ.ව. 08.30 ට පමණ සොයා ගත් බව නානුඔය පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, නුවරඑළිය “ඔලිෆන්ටන්” තේ වතුයායේ පදිංචිව සිටි දා හත් හැවිරිදි ෂරවණ ශ්‍රීනාත් නැමති තරුණයාගේ බවට  ඔවුන්ගේ ඥාතීන් විසින් හදුනාගෙන ඇත.
නුවරඑළිය නාවුක හමුදා කදවුරේ කිමිදුම් කරුවන් විසින් නුවරඑළිය පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් මෙම මළ සිරුර අද  පෙරවරුවේ සොයා ගත් බවත්, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේදී අද දින පැවැත්වීමට නියමිත බවත් නානුඔය පොලීසිය පවසයි.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)












No comments:

Post a Comment

Post Bottom Ad