මාලදිවයින් ගුරුවරුන් ලංකාවට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

මාලදිවයින් ගුරුවරුන් ලංකාවට 

මාලදිවයින් ගුරුවරුන් ලංකාවට 

මාලදිවයින් ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේදී ගුරු පුහුණුව ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.

මෙම ගිවිසුමට අත්සන් කිරීම සඳහා අධ්‍යාපන නිලධාරීන් සමඟ පෙරේදා (09) අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා මාලදිවයින බලා පිටත්ව ගියේය.

මාලදිවයින් රජය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත සිදුකරන ලද ඉල්ලීමකට අනුව ජාතික අධ්‍යාපන ආයතනය හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 

මේ වැඩසටහන හරහා දෙරට අතර නව දැනුම හුවමාරුවීමක් මෙන්ම මෙරටට විදේශ විනිමය ගලා ඒමක්ද සිදුවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 

No comments:

Post a Comment

Post Bottom Ad