මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. සම්මුති ආණ්ඩුව තව මාස 4යි තියෙන්නේ.. තීන්දුවක් ගන්නවා..- සුසිල් වැට පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. සම්මුති ආණ්ඩුව තව මාස 4යි තියෙන්නේ.. තීන්දුවක් ගන්නවා..- සුසිල් වැට පනී..

ඇත්ත වශයෙන්ම ඕනම පුද්ගලයකුට රටකට දැක්මක් තියෙන්න ඕන, දැක්මක් නැතිව කොහෙද යන්නේ දන්නේ නැහ. අද බෑලු බැල්මට එහෙම එකක් පෙනෙන්නට නැහ, විදේශ ආයෝජන නැහ, අපනයනය අඩුවෙලා, ආනයනය වැඩි වෙලා, කොහොමද වෙළෙඳ ශේෂය පියවා ගන්නේ කියලා කියන එක අද විශාලතම ආර්ථික ගැටලුව බව ඉරිදා ලංකාදීප පත්‍රය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදි වර්තමාන සම්මුති රජයේ අමාත්‍ය මෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ සංධානයේ මහා ලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා ප්‍රකාශ කොට ඇත.

රටේ සමස්ථ ආර්ථික ගැටලු සම්බන්ධව කාතා කරමින් අමාත්‍යවරයා පැවසුවේ ස්විප් ටිකට් එකේ මිල වැඩි කිරීම වැනි සුළු දේවලින් පවා පෙනෙන්නේ මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට මේ ආණ්ඩුවට විසඳුම් නැති බවයි.

මහින්ද යුගයේ ගත් ණ්ය අරන් ආයෝජනය කර ඇති බවත්,එවායින් අධිවේග මාර්ග,හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ හදලා තියෙනවා නේ. එවා පෙනෙන්නට තියෙනවා නේ එවා අතුරුදහන් වෙලා නැහැනෙ. ලෝකයේ කොහේවත් දෙයක් පටන් ගත්ත ගමන් සාර්ථක වෙන්න්නේ නැහ නේ, එදා ණය අරගෙන විදුලි බලාගාර හැදුවේ නැත්නම් අද මේ ගානට විදුලිය එකකයක් දෙන්න වෙන්නේ නැහ”

මත්තල ගුවන් තොටුපොළහි වී ගබඩා කිරිම සමාජව අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ ‘මූලික කලමණාකර මූල ධර්මයවත් නොදන්නාකම නිසානේ එහෙම කලේ, මොන මෝඩයෙක්ද ගුවන් තොටුපොළක් හදපු තැනක වී ගබඩා කරන්නේ? මේවායින් පෙන්නුම් කරන්නේ මොකක්ද? එක්කෝ නොහැකියාව එක්කෝ නොදන්නා කම, යයි ද එමෙන්ම වර්තමාන සම්මුති ආණ්ඩුවේ සිටීම සම්බන්ධව විමසිමේ දි අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ, මෙම සම්මුති ආණ්ඩුවේ ගිවිසුමට අවුරුදු 2 ක් බවත් එය අවසන් වීමට ඇත්තේ තව මාස හතරක් බවයි.

එමෙන්ම වර්තමාන ආණ්ඩුව තුල සිට මේ තත්ත්වය පැහැදිලි කලත් එවාට ඇහුම්කන් දීමක් ඒ ආකාරයෙන් සිද්ධ නොවන බවත්, මේ පවතින මේ ක්‍රමය යටතේ නම් කිසිම කෙනෙකුට මේ ක්‍රමයට රටක් පාලනය කරන්න බැරි බවත් එයයි සත්‍ය යන්න වැඩි දුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad