යාපනයේ වැඩ දැමූ කල්ලිය බඩුත් සමග අල්ලයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 1, 2017

යාපනයේ වැඩ දැමූ කල්ලිය බඩුත් සමග අල්ලයි (PHOTOS)

යාපනය, නල්ලුර්, අරසඩි වීදිය ප‍්‍රදේශයේ වෙළඳසැළකට පෙට‍්‍රල් බෝම්බ ගසා දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පැවසුවා.

යාපනය පොලිසිය පැවසූවේ මුහුණු ආවරණය කර ගනිමින් යතුරුපැදිවලින් පැමිණි පිරිසක් 30 වැනිදා රාත‍්‍රියේ වෙළඳ ස්ථානයට පෙට‍්‍රල් බෝම්බ ගසා, අදාළ ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු කපා තුවාල සිදුකොට ඇති බවයි.

අදාළ පහරදීම සිදුකළ පිරිස සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, සැකකරුවන් සතුව තිබි කඩු 04 ක්, කෙටෙරියක්, යතුරුපැදියක්ද අත්අඩංගුවට ගත් බැව්ද පොලිසිය පැවසුවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව්ද පොලිසිය සඳහන් කළා.





 

No comments:

Post a Comment

Post Bottom Ad