දේශීය නිෂ්පාදිත (GDP ) දර්ශකය කුමක්දැයි නොදන්නා හිරූනිකර්ගේ නැද්දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 1, 2017

දේශීය නිෂ්පාදිත (GDP ) දර්ශකය කුමක්දැයි නොදන්නා හිරූනිකර්ගේ නැද්දා

දල දේශීය නිෂ්පාදිතයෙන් (GDP ) රටක ආර්ථික ස්ථාවරය තක්සේරු කිරීමට භාවිතා වන මූලික දර්ශකයකි. එය නිශ්චිත කාල පරිච්ඡේදයකදී නිපදවන සියලු භාණ්ඩ හා සේවා මුළු ඩොලර් වටිනාකම පෙන්වා දේ. උදාහරණයක් ලෙස, මේ වසරේ සිට වසර දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් දක්වා වේ නම්, මෙම ආර්ථිකය පසුගිය වසරට වඩා 3% කින් වර්ධනය වී ඇති බව එයින් අදහස් කරන්නේ විශ්වාස කෙරේ.

මෙම දර්ශකය ගැන මෙලෝ දැනුමක් නැති යහපාලන දේශපාලන පත්වීමක් ගැන අප ඇමෙරිකාවේ වාර්තාකරු මෙසේ වාර්තා කරයි. මහින්ද රාජපක්ෂ රජයට රනිල් ඇතුළු රාජපක්ෂ විරෝධී කණ්ඩායම් විසින් නගන ලද ප්‍රධාන චෝදනාවක් වුයේ තම දේශපාලන හිතවතුන් විදේශ තානාපති සේවයට යොදා ගත් බවය. නමුත් යහපාලන රජය බලයට පත් වූ පසු තම නෑදෑයන් සහ පක්ෂ හිතවතුන් අධික ප්‍රමාණයක් විදේශ තානාපති සේවයට යොදවා ඇත.

මේ අකාරයෙන් හිරුනික ප්‍රේමචන්ද්‍ර ගේ නැන්දනිය (භාරතගේ අක්කා ) වන ස්වර්ණ ගුණරත්න නමැත්තිය ඇමෙරිකාවේ ලොස් අන්ජිලස් නගරයේ පිහිට ඇති කොන්සොල් ජෙනරාල් කාර්යාලයට 2016 දී පත් කර යවන ලදී. පාලනය කරගති නොහැකි අයාලේ දුවන තම දියණිය සහ පුතා පාලනය කිරීමේ මුලික අදහසින් ඇමෙරිකාවේ ලොස් අන්ජිලස් කාර්යාලයට පැමිණි මැය මේ වනතුරු කර ඇත්තේ එම නගරයේ පිහිටා ඇති අන් රටවල රාත්‍රී බෝජන සංග්‍රහ වලට යාම සහ ශ්‍රී ලාංකිකයන්ගේ නිවස් වල තිබෙන උත්සව වලට සහබාගි වීමේ පමණි.

තම පළපුරුදු ගණකාධිකාරී ලෙස හදුන්වගන්නා මැයගේ ආර්ථික දැනුමහි මට්ටම ගැන අවබෝදයක් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දන ගැනීමට කදිම අවස්ථාවක් ලැබී ඇත. මීට මාස කීපයකට පෙර ඇමෙරිකාවේ රාජකාරි කටයුත්තකට සහභාගී වීමට පැමිණි සුජීව සේනසිංහ ඇමතිවරයාට ස්වර්ණ ගුණරත්න හමු වී ඇත. මෙහිදී තමන් බලාපොරොත්තු වූ ආකාරයකට විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපොහොසත් වීම ගැන කලකිරීමෙන් කතා කොට ඇති ඇමතිවරයා එයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිත දර්ශකය පසුගිය රජය යටතේ ඉහල යාම නිසා අප රට බංගලාදේශය වැනි දුප්පත් රටක් ලෙස තව දුරටත් ලෝක ප්‍රජාව විසින් තව දුරටත් සලකනු නොමැති බවය.

මේ හේතුව නිසා දුප්පත් රට වලට දෙනු ලබන ආයෝජන අවස්ථා මින් ඉදිරියට ශ්‍රී ලංකාවට නොලැබෙන බවය. මෙහිදී පළපුරුදු ගණකාධිකාරී හදුන්වා ගන්නා ස්වර්ණ ගුණරත්න විසින් පවසා ඇත්තී “ ඉතින් සර් අපි ඔය දල දේශීය නිෂ්පාදිත (GDP ) අඩු කර ගම්මුකෝ …එතොකට අපිට ආයෝජන අවස්ථා ලැබේවි නේ “. දල දේශීය නිෂ්පාදිත ගැන දැනුමක් ඇති ඇමති වරයා පවසා ඇත්තේ දල දේශීය නිෂ්පාදිතය ඉහල යාම රටකට හොද බවය. සාම රාත්‍රියකම පාහේ අන් තානාපති කාර්යාල වල වයින් පාර්ටි වලට යන මැය අඩුම වශයෙන් ගූගල් සෙවුමක් Google Search කර දල දේශීය නිෂ්පාදිත දර්ශක කුමක්ද යන්න විනාඩි 10කින් ඉගෙනගනුමට හැකියාවක් තිබු බව ලොස් අන්ජිලස් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කරති.

මෙවැනි මන්ද බුද්ධික දේශ පාලන පත්වීම් නිසා ශ්‍රී ලංකාවට සිදුවන සේවය ගැන ඔවුන් කතා බහ කරන අතර මසකට ඇමෙරිකානු ඩොලර් 9000 කුලිය ගෙවමින් මහා මංදිරයක වෙසෙන මැය අඩුම වශයෙන් මුදලට හරියන සේවයක් සිදු කල නොහැකිනම් ශ්‍රී ලංකික ජනතාවගේ මුදල් මගින් මෙවැනි කාර්යාල කුමකට පවත්වාගෙන යන්නේද යන්නත් ප්‍රශ්න කරමින් සිටී.


උපුටා ගැනීම :  Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad