උසස්වීම් ලබාදෙන්නේ වෘත්තීය සටන් සිදු කළොත් තමයි.. – රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 1, 2017

උසස්වීම් ලබාදෙන්නේ වෘත්තීය සටන් සිදු කළොත් තමයි.. – රාජිත

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි වර්ණ සම්මාන ප්‍රධානෝත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘වර්ෂ 2012 න් පසු ක්‍රීඩා වර්ණ රාත්‍රියක් පවත්වන පළමු අවස්ථාව මෙයයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගය කිරීම තුළින් ඔවුන්ගේ කී්‍රඩා කෞෂල්‍යයන් නංවාලීමට පිටිවහලක් ලැඛෙනවා. ක්‍රීඩකයින්ට උපහාර පිදිය යුතු වන්නේ අඩු පහසුකම් යටතේ ක්‍රීඩා කිරීම නිසයි. පෞද්ගලික සමාගම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියළු වරප්‍රසාද ලබාදී ක්‍රීඩා කිරීමෙි අවස්ථාව උදාකර දී තිඛෙනවා. රාජ්‍ය අංශයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වරප්‍රසාද හා දිරිගැන්වීම සදහා ක්‍රමෙවිදයක් සකස් කළ යුතුයි. 


ක්‍රීඩා කෞෂල්‍යයන් මත උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදීමෙි දී ලකුණු ලබාදීමෙි ප්‍රමුඛත්වයක් ඇති කළ යුතු බව මම යෝජනා කරනවා. රාජ්‍ය සේවකයින්ට එවැනි දිරිගැන්වීමෙි ක්‍රමවෙිදයක් ක්‍රියාත්මක කිරීමෙි යෝජනාව අමාත්‍ය මෙණ්ඩලයට යොමු කිරීමට මම කටයුතු කරනවා. ක්‍රිඩා සම්මාන රාත්‍රියක් පවත්වා ක්‍රීඩකයින් ඇගයීමට ලක් කිරීම සදහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ද සහයෝගය ලබාගත යුතුයි.

වර්තමානයේ බෝනොවන රෝග පිළිබදව සාකචිඡා කළත්, ව්‍යායාම් කරන්නේ කීදෙනෙක් ද. ශරීර සෞඛ්‍ය රැකියාවක් කිරීමෙි දී ඉතාම වැදගත්. ක්‍රීඩා කරන අයගේ බුද්ධිය සහ අධ්‍යාපන දැනුම ඉතා වැඩි බව පර්යේෂණ වලින් සොයාගෙන තිඛෙනවා. විනාඩි 30 ක කාලයක් පාපැදියක් පැදීමෙි දී පිළිකා සෛල සියයට 30 කින් අඩුවන බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිඛෙනවා. පැරණි මුතුන් මිත්තන් ව්‍යායාම් රැසක් සිදු කළා. දඩයම් කිරීම, ගොවිතැන් කිරීමත් ව්‍යායාමයක්.

විදේශීය රටවල උසස්වීම් ලබාදෙන්නේ ඡ්‍යෙෂ්ඨත්වය මතයි. දක්ෂතා මතයි. අපේ රටේ එහෙම නොවෙයි. වෘත්තීය සටන් සිදු කළොත් තමයි උසස්වීම් ලබාදෙන්නේ. කැපවී රාජකාරී කරන රාජ්‍ය සේවකයින් ඇගයීමට ලක් කළ යුතුයි. සමාජ සේවා කටයුතු සිදු කරන පුද්ගලයින් ද ඇගයීමට ලක් කළ යුතුයි. අපේ රටේ තම නාමය පවත්වාගෙන යාමට නම් වෘත්තීය සමිති නිලධාරියෙක් විය යුතුයි. නැතිනම් විරෝධතා පැවැත්විය යුතුයි. නමුත් මෙි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම නාමය ප්‍රචලිත කර ඇත්තේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වීමෙන්’

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

No comments:

Post a Comment

Post Bottom Ad