දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය මාරු කළ යුතුයි.. රන්ජන්ගේ ටෝන් එකයි අවුල්.. අන්තර්ගතයේ අවුලක් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 1, 2017

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය මාරු කළ යුතුයි.. රන්ජන්ගේ ටෝන් එකයි අවුල්.. අන්තර්ගතයේ අවුලක් නෑ..

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සමාව ගැනීමට කියන්න කලින් ප්‍රාදේශීය ලේකම්වරියට ස්ථාන මාරු ලබා දී ඇයට විරුද්ධව පවතින චෝදනා විභාග කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඹහු මෙම් අදහස් පළ කරන ලද්දේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ දුරකතන සංවාදය හරියට අරගෙන බැලුවහොත් අපි රාජ්‍ය නිලධාරිනියක වීම සහ විශේෂයෙන් ම ඇය කාන්තාවක වීම යන කාරණාවල වටිනාකම අපි කිසිසේත් අඩු කරන්නේ නැහැ. නමුත් ඇය අමැතිවරයාට කතා කරන්නේ කොහොමද, රන්ජන් රාමනායක කියන්නේ දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ වැඩිම මනාපයෙන් තේරී පත්වූ නියෝජිතයා. 


එතකොට එතුමා ප්‍රශ්නයක් විමසන කොට ඔබතුමා ඕනේ නම් ලිඛිතව එවන්න කියනවා. මොකක්ද හේතුව එයාගේ තුළ වරදක් තියෙනවා. ඇය විසින් තමයි ඔහුව එතැනට තල්ලු කරන්නේ.  හැබැයි එතුමා ප්‍රාදේශිය ලේකම්වරිය අමතා කළ ප්‍රකාශයේ ටෝන් එක යම් ප්‍රශ්නයක් තිබුණත් එහි අන්තර්ගතය කිසිම අවුලක් නෑ. ඒ නිසා රන්ජන් රාමනායකට කියනවානම් කවුරුහරි සමාව ගන්න කියලා. ඊට කලින් ප්‍රාදේශීය ලේකම්ව මාරු කළ යුතුයි. 

මොකද අවුරුදු 07 ක් එකම තැන. ඇය සම්බන්ධවද චෝදනා තියෙනවානම් විභාග කළ යුතුයි. ඒ නිසා එතුමා මේ සම්බන්ධව කිසිසේත්ම සමාව ගත යුතු නැහැ.මොකද රන්ජන් රාමනායක කාටවත් වැලි පර්මිට් එකක් දෙන්න , කාටවත් ගස් කපන්න දෙන්න, කාටවත් වැලි ගොඩදාන්න වැලි හෝදන්න , ඉඩම් ගොඩ කරන්න දෙන්න කිව්වේ නැහැ. රන්ජන් රාමනායක පෙනී හිටියේ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙනුයි.

– මිනුර රෂාන්ත

No comments:

Post a Comment

Post Bottom Ad