ඉන්දීය ක්‍රීඩක අශ්වින්ගෙන් නව ලෝක වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 13, 2017

ඉන්දීය ක්‍රීඩක අශ්වින්ගෙන් නව ලෝක වාර්තාවක්

ඉන්දියානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී. ඔහු මේ දස්කම දැකවුවේ  අඩුම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකදී කඩුලු 250 සීමාව පසුකල ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

බංග්ලාදේශ කණ්ඩායම සමඟ මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඔහු මෙම දස්කම දැක්වුයේ බංග්ලාදේශය නායක මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි. ඒ අනුව අශ්වින් තරඟ 45 ක් තුල කඩුලු 250 සීමාව පසුකර යෑමට සමත්ව තිබෙනවා. රවිචන්ද්‍රන් අශ්වින් මෙලෙස බිඳ දැමුවේ 1981දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩෙනිස් ලිලී විසින් තරඟ 48කදී කඩුලු 250ක් බිඳ හෙලමින් පිහිටුවා තිබූ වාර්තාවයි.


No comments:

Post a Comment

Post Bottom Ad