ඩොනල්ඩ් ට්‍රම්ප් ලාංකිකයින්ට වීසා රහිතව ඇමෙරිකාවට ඇතුළු වෙන්න ඉඩ දීලා? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 13, 2017

ඩොනල්ඩ් ට්‍රම්ප් ලාංකිකයින්ට වීසා රහිතව ඇමෙරිකාවට ඇතුළු වෙන්න ඉඩ දීලා?

ඔන්න අමෙරිකාවේ අලුත් ජනාධිපතිතුමා ලංකාවේ අපිට තෑග්ගක් දීලාලු.අද ඉඳන් ලාංකිකයින්ට වීසා රහිතව ඇමෙරිකාවට ඇතුළු වෙන්න ඉඩ දීලා. ඒ ඔහු තමන්ගේ විධායක බලය පාවිච්චි කරමින් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා  එක්තරා වෙබ් අඩවියක් කියන්නේ.

කොහොම හරි ව්‍යාපාරික හා සංචාරක අරමුණු වෙනුවෙන්  උපරිම දින 180කට යටත්ව වීසා නැතුව අමෙරිකාවේ ඉන්න පුළුවන්ලු. දින 180ට වැඩි නම් වීසා ගන්න අනිවාර්යයිලු. හැබැයි මුස්ලිම් රටවල් සමඟ ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කියලා තමයි ඒ වෙබ් අඩවිය කියලා තියෙන්නේ. මේ හේතුවෙන්   ඕස්ට්‍රේලියානුවන්ට මෙච්චර කල් වීසා රහිතව ඇමෙරිකාවට එන්න තිබුන අවස්ථාව අද ඉඳලා  අඩුවෙයි කියලත්  Usa Television නම් වෙබ් අඩවිය කියලා තියෙන්නේ.

හැබැයි ඔන්න අප කළ සොයා බැලීමකදී මේ සිද්ධිය සම්පූර්ණයෙන් අසත්‍යයක් කියලා තමයි දැනගන්න ලැබුනා. මේ වනවිට මෙම පුවත ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නේ.  මේ වගේ අසත්‍යය ප්‍රචාර ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොරු කතා වලට රැවටෙන්න එපා කියලයි. කිසිම වගකීමක් නැති ඇමෙරිකාවේ මේ වෙබ් අඩවිය තමයි මෙය ලොව පුරා ව්‍යාප්ත කරලා තියෙන්නේ.


එම පුවත් අසත්‍ය බවට කියැවෙන පුවත් වෙබ් අඩවි තුළ ප්‍රකාශ කර තිබු අයුරු..

 

No comments:

Post a Comment

Post Bottom Ad