උතුරේ හර්තාලයකට සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 25, 2017

උතුරේ හර්තාලයකට සූදානමක්

උතුරේ හර්තාලයකට සූදානමක්

මුලතිව් කේපාපිලව් හි ගුවන් හමුදාව බාරයේ ඇති ඉඩම් අක්කර 538 ඇතුළු ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි බලකරමින් උතුරේ දේශපාලඥයින් හා සිවිල් සංවිධාන එක්ව ලබන 27 වැනි දා උතුරු පළාත තුළම ක්‍රියාත්මක වන පරිදි හර්තාලයක් කිරීමට සැලසුම් කර සිටින බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

මුලතිව් කේපාපිලව් හි ජනතාව ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට මෙම ඉල්ලීම් මුල්කර ගනිමින් විරෝධතාවක නිරත වීමත් මෙම ජනතාවගේ ඉල්ලීම් පිළිබද සැලකිල්ලක් නොදක්වමින් රජය ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීමත් නිසා මෙම හර්තාලය කිරිමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad