දූගේ කාමරේදී මං දුටුව දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා - පියෙකුගේ සංවේදී කතාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

දූගේ කාමරේදී මං දුටුව දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා - පියෙකුගේ සංවේදී කතාවක්

දවසේ කන්තෝරුවේ හිටියේ. දරුවෝ කරන්නේ මොනවද කියලා මං හරියට දැනගෙන හිටියේ නැහැ. විශේෂයෙන් ම මට මගේ දූ ගැන අවිශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් අපි දරුවෝ ගැන විශ්වාස කෙරුවට දරුවෝ අපිව විශ්වාස කරලා තිබුණේ නැහැ. ආදරය කරලා තිබුණේ නැහැ.

මං දවසක් ගෙදර එද්දි අපේ ගේ ළඟ මෝටර් සයිකලයක් නතර කරලා තිබුණා. මං බැලුවේ පුදුම වෙලා. සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියාගෙන. මං ගෙට ගියේ පුදුම තරහකින්. ඒත් දූගේ කාමරේදී මං දුටුව දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා. කිසිම තාත්තා කෙනෙක්ට එවැනි දෙයක් දකින්න ලැබෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා. මේ හැමදේම දුටුවට පස්සේ මං යකෙක් වගේ වුණා. ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා. මං දූගේ යාළුවන්ව ඒ අයගේ මවුපියන්ට එන්න කියලා බාර දුන්නා.”

දුව හිටියේ මත්වෙලා වගේ. අර ගෑනු දරුවොත් ඒ වගේමයි. මට හිතාගන්න බැරි වුණා මෙයාලට මොකද වෙලා තියෙන්නේ කියලා. මං දුවව දොස්තර මහත්තයෙක් ළඟට එක්කගෙන ගියා. එතකොට තමයි දැනගත්තේ දූ කුඩුවලට ඇබ්බැහිවෙලා කියලා. මං දුවව ගෙදර එක්කගෙන ආවා. මං හිතාගත්තා සතියක් විතර ගෙදර ඉන්න. දුවව ආදරෙන් බලා ගත්තා. හැම තිස්සෙම මං දුවව මගේ ඇස් මට්ටමේ තියාගන්න උත්සාහ කළේ. ඒත් දුව හැමවිටම මාව මඟ හරින්න බැලුවේ.

තනියම කල්පනා කරනකොට පුදුම වේදනාවක් මගේ හිතට දැනෙන්න ගත්තා. ඒත් ඒ දුක කියා ගන්න කෙනෙක් මට හිටියේ නැහැ. කාටවත් කියන්නත් බැහැ. සතියක් විතර යනකොට දුව සාමාන්‍ය තත්ත්වයට ආවා.ඒත් දුව හැදුනේ නැහැ. දවසක් මම බඩු ගේන්න ටවුමට ගියා. එදා හැන්දෑවේ දුව නිදියගෙන හිටපු නිසා මං එයාව ගෙදර තියලා ගියේ. ඒත් මම ටවුමට ගිහිල්ලා එනකොට දුව ගෙදර හිටියේ නැහැ.මං පිස්සුවෙන් වගේ හැමතැනම දුවව හෙව්වා. මාස ගාණක් යනතුරු මට දුවව හොයාගන්න බැරිවුණා.

මේ අතර මම රස්සාවෙන් විශ්‍රාම ගියා. මගේ හිතේ අමාරුව කියාගන්න කෙනෙක් හිටියේ නැහැ. මං දුවගේ යාළුවන්ගේ ගෙවල්වලට ගියා. ඒත් දුව ඒ කොහේවත් හිටියේ නැහැ. මම හැමදාම පන්සල් ගියා. මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා.. බෝධිය නාවලා ප්‍රාර්ථනා කළා. කොහොමහරි අවුරුද්දකට විතර පස්සේ පොලිසියෙන් අපේ ගෙදරට ආවා. ඔවුන් ආවේ මට දුව ගැන තොරතුරක් අරගෙන. මං දන්නෑ… ඇයි දුව පොලිසියට මගේ විස්තර දුන්නේ කියලා..

මං දුව බලන්න ගියා. දුව පුදුම විදිහට වෙනස් වෙලා හිටියේ. බංකුවක වාඩිවෙලා හිටපු දුව මගේ කකුල් දෙක ළඟ වැටිලා අඬන්න ගත්තා.මට මගේ පුංචි කෙල්ලගේ උණුසුම දැනුණේ හුඟ කාලෙකට පස්සේ. ඒත් දුවව උසාවි ඉදිරිපත් කළාට පස්සේ එයාට දඬුවම් නියම වුණා. වැරැදි හැටියට තිබුණේ අනාචාරයේ හැසිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, සොරකම් කිරීම.

මම හැම මාසෙකම ඇවිත් දුවව බලලා යනවා. දුව දැන් හැදිලද කියන්න මං දන්නෑ. ඒත් එයා මොන දේ කළත් මගේ දරුවනේ.මං බොහොම අමාරුවෙන් හදාගත්ත මගේ කෙලි පොඩිත්ත මෙහෙම හරි දකින්න ලැබීම මට සැනසිල්ලක්.

No comments:

Post a Comment

Post Bottom Ad