චීනයේ දී Apple දුරකථන oppo වලට පරාද වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 13, 2017

චීනයේ දී Apple දුරකථන oppo වලට පරාද වෙයි

ලොව වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින Apple iPhone 6S ස්මාට්ෆෝනය සමග සැසඳීමේදී oppo R9 ස්මාට්ෆෝනය ඉදිරියෙන් සිටින බවට නවතම වාර්තාවන් පෙන්වා දෙයි. මෙතරම් කලක් චීනයේ වැඩියෙන්ම අලෙවි වන ස්මාට්ෆෝනය ලෙසින් වාර්තා තබා තිබුණේ Apple අයිෆෝනයයි. 

එහෙත් නවතම සමීක්ෂන වාර්තාවන්ට අනුව ඒ තැන oppo සමාගමේ R9 උපාංගයට හිමිවී ඇති බවත්, ඒ අනුව oppo විසින් ඇපල් අභිබවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. වාර්තාවන ආකාරයට oppo R9 උපාංග මිලියන 17ක් පසුගිය වසර තුළදී චීනය තුළ අලෙවි වී තිබේ. එය සම්පූර්ණ ස්මාට්ෆෝන් අලෙවියෙන් සියයට හතරක අගයක් ගනියි. චීනයට oppo දුරකථන නැව්ගත කිරීම් දී පසුගිය වසර වන විට සියයට 106 කින් ඉහළ ගිය අතර ඇපල් සමාගමේ  නැවුගත කිරීම් සියයට 21කින් පහළ ගොස් තිබේ. 

එය Apple සමාගමේ iPhone 6S සමග සැසඳීමේදී oppo R9 උපාංග ඉදිරියෙන් සිටියි. ඒ iPhone තරගකරුවා උපාංග මිලියන 12ක් පමණක් අලෙවි කර තිබීම නිසාවෙනි. එය ප්‍රතිශතයක් ලෙස සම්පූර්ණ වෙළඳපොලින් සියයට 2කි.

oppo R9 ස්මාට්ෆෝනයේ ඡායාරූප කිහිපයක් පහතින්.

 





No comments:

Post a Comment

Post Bottom Ad