විදුලිය 10%ක් අඩු කරගත්තොත් රජයෙන් තෑගි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 25, 2017

විදුලිය 10%ක් අඩු කරගත්තොත් රජයෙන් තෑගි

විදුලිය 10%ක් අඩු කරගත්තොත් රජයෙන් තෑගි

අඛණ්ඩ විදුලිය ලබාදීමේ අභියෝගය ජයගැනීමට සෑම දෙනාගේම සහාය අවශ්‍ය බවත් සූර්ය බල සංග්‍රාමයෙන් විදුලිය මෙගාවෝට් දහසක් ලබාගැනීමට බලපොරොත්තුවන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමත්‍යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී නියඟය හේතුවෙන් ඇතිවී තිබෙන විදුලිය සැපයීමේ අභියෝගය පැහැදිළි කරමින් මේ බව සඳහන් කළේ ය.

අප සතුව මෙගා වෝට් 3900ක විදුලි ධාරිතාවක් තිබෙනවා. නියඟය සෘජුව විදුලි බල සැපයුමට බලපා තිබෙනවා. දේශගුණික අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා.මෙය අඩුම වර්ෂාවක් ලැබුණු කාලයක්.විදුලියට  ජල ධාරිතාවය 32%ක් තිබෙන්නේ.

අභියෝගයට මුහුණ දෙනවා. අඛණ්ඩව කොහොමද විදුලිය ලබාදෙන්නේ කියන අභියෝගය තිබෙනවා. අපේ අමාත්‍යාංශය හොඳ සූනාමක් ඉන්නවා. අපේ සූදානමට මහජනතාවගෙන් දිරිගැන්වීමක් ශක්තියක් අවශ්‍ය වෙනවා. අපට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක් ඉන්නවා.

අඩුවෙන් බල්බ භාවිතා කරන්න. සියයට 10%ක් අඩු කරගන්න විදුලි පාරිබෝගිකයන්ට ත්‍යාග ලබාදෙනවා. වීදි ලම්පු ලක්ෂ 5ක් තිබෙනවා. වීදි ලාම්පු  සවස පැයක් පසුව දල්වන්න, උදේ පැයක් කලින් නිවා දමන්න කියා තිබෙනවා. එල්. ඊ. ඩී. බල්බවලට මරු වීම කියන්නේ විදුලිය සෑහෙන්න අඩුවීමක්. ඉතාම අඩු මිලට එල්. ඊ. ඩී. බල්බ   පාරිභෝගිකයන්ට ලබාදෙනවා.

සූර්යබල සංග්‍රාමයට වැඩි වැඩියෙන් ජනතාව උනන්දු විය යුතුයි. වහලය මත විදුලිය නිෂ්පාදනය කරන තැනක් කරගැනීම වැදගත්. සූරය බල ගම්මාන පිහිටුවලා, තමන්ගේ අඩු ආදායම්ලාභී ජනතාවට තම වහළය කුළියට  ලබාදීමට අවස්ථාව සැලසෙනවා. මේ මඟින් විදුලියන් මෙගාවෝට්  1000ක් සූර්යබල සංග්‍රාමයෙන් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. නියඟය දිගටම පැවතුණ හොත් අඛණ්ඩව විදුලිය දෙන්න රුපියල් බිලියන 51ක අමතර වියදමක්  දරන්නට සිදුවෙනවා. ආපදා තත්ත්වය වෙනුවෙන් අමතර වියදම දරන්න වෙන්නේ.මේ අභියෝගය ජයගැනීමට සැමගේ සහාය අවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad