බිරියගේ දේහය නිවසින් ගෙනයද්දී
සැමියාත් මරුට
සංසාරයේ පතාගෙන ආ ලෙසින් ඉතා ආදරයෙන් ජීවත්වූ වියපත් අඹුසැමි යුවළක කලාතුරකින් සිදුවිය හැකි ආකාරයට මෙලොව හැරගිය පුවතක් නිකවැරටිය නවාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
81 හැවිරිදි තම බිරිය හෘදයාබාධයකින් මියයාමෙන් අනතුරුව දේහය නිවසින් පිටතට ගෙනයාමේදී ශෝකය දරාගන්නට අපහසුවී 83 හැවිරිදි
මෙසේ මියගිය ඩබ්.එන්.ආර් මුදියන්සේ මහතා(83) හා එච්.එම්. ඩිංගිරි අම්මා (81) දෙදෙනාට සිටි දරු මුණුපුරන් ගණන සියල්ල 29 කි. දූවරුන් 5ක්ද පුතුන් 4 ක්ද ඔවුනට සිටි අතර පුතුන් දෙදෙනෙකුම පොලිස් සේවයේ යෙදෙන අයයි.
සිද්ධිය ගැන එක් පුතෙකු මෙසේ පවසා ඇත. ‘අපේ අම්මයි තාත්තයි එක්වර මියයාම අපි හැමෝටම ඇත්තටම හරිම දුකක්. ඒ දෙන්නා පන්සලේ ප්‍රධාන දායකයෝ. ඉතාමත් දැහැමි ජීවිත ගත කළේ.
අම්මගෙ ජීවිතය අහිමිවීම තාත්තට දරාගන්න බැරිවෙන්නැති.හෘදයාබාදයකින් අම්ම නැතිවුණ දවසේ අම්මාගෙ හිස අතගාල අම්මගෙ හිස අතගාල ඇයට පිං පමුණුවපු තාත්තා අම්මගෙ මිනිය ගේට්ටුවෙන් පිට කරන කොටම ඇඳේ හාන්සිවී උපාසකම්මේ කියල අම්මට කථාකරමින් දෑස් පියාගත්තා.අපි නම දෙනාටම මේක දරාගන්න අමාරුයි. ඒත් ඒ දෙන්නා සංසාරෙ පතාගෙන ආපු හැටි වෙන්න ඇති.‘
No comments:
Post a Comment