වෝක්ස්වැගන් කම්හලට අද මුල්ගල තියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 3, 2017

වෝක්ස්වැගන් කම්හලට අද මුල්ගල තියයි

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හා මහ මැතිවරණ සමයේදී ජනතාවට දුන් පොරොන්දු අනුව නව ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (3දා) ආරම්භ කෙරේ.

ඒ අනුව අද පෙරවරුවේ තුල්හිරිය ආයෝජන සංකීර්ණයද පස්වරුවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මෙන්ම ලොව දෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන කම්හල ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ශ්‍රී ලංකා ඉතාලි හවුල් ව්‍යාපාරයක් ලෙස රුපියල් බිලියන 8ක වියදමින් 3,000කට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා සහ 8,000කට අධික පිරිසකට වක්‍ර රැකියා අවස්ථා ලබාදෙන කර්මාන්ත ශාලාවක් රාජ්‍ය නායකයන් දෙපළගේ සහභාගිත්වයෙන් මේ මස 5 වැනිදා හොරණ කර්මාන්ත කලාපයේදී ආරම්භ කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad