සැමියාගේ මුදල් ලක්ෂ ගණන් අරන් ෆේස්බුක් පෙම්වතා සමඟ පැන ගිය බිරිය මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 3, 2017

සැමියාගේ මුදල් ලක්ෂ ගණන් අරන් ෆේස්බුක් පෙම්වතා සමඟ පැන ගිය බිරිය මාට්ටු


තම සැමියා සතුව තිබූ රුපියල් 41,72,000ක මුදලක් සහ රන් පවුම් 20ක් සොරකම් කරගෙන ෆේස්බුක් වෙතින් හඳුනාගත් තරුණයකු සමඟ පලා ගොස් ලැගුම්හලක නවාතැන් ගෙන සිටි කාන්තාවක් මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවකි.

තමන් නින්දට ගොස් සිටින අතර බිරිය අතුරුදන්වී ඇති බවත් ඇය තමන්ට අයත් රුපියල් 41,72,000ක මුදලක් සහ රන් පවුම් 20ක් රැගෙන ගොස් ඇති බව 46 හැවිරිදි අයකු මුන්දලම පොලිසියට පැමිණ

පැමිණිලි කර ඇත.

ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති මුන්දලම පොලිසියේ නිලධාරීන් සැකකාරිය භාවිත කරන ජංගම දුරකතනයේ කුලුනු වාර්තා අනුව මස්කෙළිය ප්‍රදේශයේ ලැගුම්හලකදී ඇය අත්අඩංගුවට ගෙන ඇත. ඇය සමඟ ලැගුම්හලේ සිටි බව කියන තරුණයකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැමියා සමඟ විවාහ වී සිටියත් ෆේස්බුක් වෙතින් හඳුනාගත් නව පෙම්වතා සමඟ ජීවත් වීමට වැඩි කැමැත්තක් ඇති බව සැකකාරිය පොලිසිය හමුවේ පවසා ඇත. සැකකාරිය සතුව තිබී රුපියල් ලක්ෂ 16ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත. මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

No comments:

Post a Comment

Post Bottom Ad