විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට මරණ තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 3, 2017

විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට මරණ තර්ජන

විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට මරණ තර්ජන
පසුගිය වසරේ (2016) දෙසැම්බර් 28 වනදා කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වීරත්වය පිළිබඳව වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශය මාධ්‍යට වාර්තා කළ කිලිනොච්චියේ මාධ්‍යවේදීයකුට කිසියම් පුද්ගලයෙකු විසින් මරණ තර්ජනය කළ බව කියමින් එම මාධ්‍යවේදියා කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙලෙස තර්ජනය කර ඇත්තේ කිලිනොච්චිය නිදහස් මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන්ට වන අතර ඔහු මේ සම්බන්ධයෙන් 31 දා කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත. මේ පිළිබඳව එස්.එන්.නිබෝජන්ගෙන් විමසූ විට අදාල දුරකතන ඇමතුම ලබා දුන් අයුරු පිළිබඳව කියා සිටියේ

‘පිටරට අංකයකින් කතාකරේ ප්‍රයිවට් නම්බර් කියල වැටුනේ ඒක සැටලයිට් කෝල් එකක් මම හලෝ කිව්වහම එකපාරටම කියාගෙන ගියේ මේ කතාකරන්නේ කව්රු වුනත් උඹට වැඩක් නැහැ උඹ අපෙ අක්ක ගැන දාල තියෙන නිවුස් එක වැරදියි අපේ අක්කට මොනවා හරි වුණොත් උඹව නිකන් අතඅරින්නේ නැහැ බොම්බයක් ගහනව මම උඹට අක්කගේ කතාව වෙනස් කර උඹ වාර්තා කර තියෙනව සමහර වේලාවට අක්කා වැරදි අදහසින් දෙයක් කියුවත් ලියන මාධ්‍යවේදියා දැනගන්න ඕනෑ ඒක වෙනස් කරලා හරිගස්සලා ලියන්න. 

මේ නිවුස් එක නිසා අක්කාට බරපතල ලෙස තර්ජනයක් එල්ල වෙලා තියෙනවා මේ නිසා අක්කට මොකක් හරි අනතුරක් වුණා නම් මම ක්ලිප් චාර්ජ් (බෝම්බ තැබීමට) කරන්න දෙපාරක් හිතන්නැහැ මම හැම ආයුධයක්ම පාවිච්චි කරන්න හොදින් දන්නව ඒකට මට ගොඩක් අය ඉන්නවා අනික මමත් පුහුණු වෙච්ච කළු කොටි කොටි සාමාජිකයෙක් ගමම පැහැරගෙන ගිහින් මරන්නත් දන්නවා අතුරුදන් කරන්නත් දන්නවා.’ යනුවෙනි.

එවිට නිබෝජන් මහතා කියා ඇත්තේ මම වාර්ථා කර ඇත්තේ ඇමිතිනි පැවසු දෙය කිසිම වැරද්දක් කර නැහැ මම සත්‍ය වාර්ථා කර ඇති බවටත් පුලුවන් දෙයක් ඇත්නම් කරන්න යනුවෙනි.

ලෝකයේ නායකයින් අතරින් වීරත්වයෙන් හා පෞර්ෂත්වයෙන් පරිපූර්ණ එකම නායකයා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බවත් මොහුට සමකළ හැකි නායකයකු මෙතෙක් හමුවී නැති බවත් අප සැවොමගේම අවාසනාවකට ඔහු ජීවතුන් අතර නොමැති බවත් ඔහු අද සිටියේ නම් ඔහු මෙරට අගමැති වුවද වන්නට ඉඩ තිබූ බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය 28 දා කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී කියා සිටියාය.

මෙම සිද්ධිය මුල්කරගනිමින් මෙම තර්ජනය සිදුකර ඇති අතර අදාළ තර්ජකයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම විදේශයක සිට මෙම ඇමතුම ගෙන ඇති ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසිය පරික්ෂණ සිදු කරයි.

- වන්නි රොමේෂ් -























මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන්

No comments:

Post a Comment

Post Bottom Ad