“විශ්‍රාම වැටුපත් රැකියා සුරක්ෂිතතාවත් හේතුවෙන් බොහෝ දෙනකු රජයේ රැකියාවන් සඳහා එනවා. නමුත් මේ එන වැඩි දෙනෙක් රැකියාවට ඇවිත් නිකන් ඉන්න තමයි බලන්නේ.
තමන්ට පැවරෙන රාජකාරිය ඉටුකරන්නේ නැහැ.“ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව විමර්ශන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ දී කියා සිටියේය. පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවය 21 දා කොළඹ සතොස මූලස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘සියලු රජයේ සේවකයින් මහජන මුදලින් ඉගෙනගෙන රැකියා කරලා මහජන මුදලින් වැටුප් ගන්නා බව දැන කටයුතු කළ යුතුයි. රාජ්‍ය සේවයට එකතුවන මේ පිරිස අද පටන් මහජනතාවට අවංකව සේවය කරන්න ඕනේ. පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය, ඒවායේ ප්‍රමිතිය පිළිබඳව නිතරම සොයා බලන්නට කටයුතු කළ යුතුයි. රැකියාව කරන අතරේ කොමිස්, පගාව ගන්නවානම් ඒක ලොකු වරදක්.
ඒ විදියේ වැඩවලින් මහජනතාවට ද්‍රෝහීකම් කළොත් ඒකට මේ ආත්මයේ දී දඬුවමක් නොලැබුණොත් මරණයෙන් පසුව හෝ දඬුවම් ලැබෙනවා කියන එක තමයි මගේ විශ්වාස. කරුණාකර එවැනි වැරදි කරන්න එපා. ඒ වගේ කෙටි ක්‍රමවලින් සල්ලි හොයන ඇතැම් පිරිස් ඉන්නවා. ඒ සොයන සල්ලිවලින් තමන්ගේ පවුලට හරි දරුවන්ට හරි කන්න දුන්නට ඒක හරියන්නෙත් නැහැ.
පාරිභෝගික අධිකාරියේ කාර්යයන් ක්‍රමවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාත් සහයෝගය දුන්නා. මේ සහයෝගය ලැබුණු නිසා තමයි අද අපිට මේ විදියට උපාධිධාරීන් 62ක් බඳවාගන්න හැකියාව ලැබුණේ. මේ පත්වීම් ලබන බොහෝ දෙනෙක් බොහොම අමාරුවෙන් දුක් විඳලා ඉගෙන ගත්තු අය. මෙහෙම කියනකොට මට මගේ අතීතය සිහිපත් වෙනවා.
මම කොටි ප්‍රශ්න නිසා ගෙවල් දොරවල් අත ඇරලා ඇවිත් අනාථ කඳවුරක ජීවත් වුණු කෙනෙක්. විභාග කරන්න පාඩම් කරන්න අපිට ලයිට් තිබුණේ නැහැ. යන්න ඉස්කෝලයක් නැහැ. හරියට කෑමක් බීමක් නැහැ. පොත් කියෙව්වේ කඳවුර ළඟ තිබුණු වීදි පහනක එලියෙන්. එදා කොටින්ට බයේ ගම්බිම් අතඇරලා අපිත් එක්ක ආපු ජනතාව අද මා ඔවුන්ගේ නායකයෙක් කළා. මම විශ්වවිද්‍යාලයට ගියා. මගේ අනාථ කඳවුරේ හිටපු අය මහන්සිවෙලා මාව පාර්ලිමේන්තු යැව්වා.
මම නව පක්ෂයක් බිහිකරලා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා. අපේ අරමුණු හා ඉලක්ක හොඳනම් අපිට හැමෝගෙම ආශිර්වාදය ලැබෙනවා. බෞද්ධ, කතෝලික, හින්දු හා ඉස්ලාම් මේ හැම ආගමකින්ම කියලා දෙන්නේ හැමවිටම හොඳ දේ කරන්න කියලා. මා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙත් ඉදිරියේ දී මේ සඳහා අවශ්‍ය දැනුමත් අරගෙන තමන්ට පැවරෙන රාජකාරිය හොඳින් ඉෂ්ට කරන්න කියා. මේ රටට රටේ ජනතාවට සේවය කරන්න ඔබ සියලු දෙනාට මා සුබ ප්‍රාර්ථනා කරනවා.
එස්.ඩී.වේරගොඩගේ
අධ්‍යක්ෂ මාධ්‍ය
Monday, January 23, 2017
මං අනාථ කදවුරක ජීවත්වූ කෙනෙක්.. කන්න කෑමක්වත් තිබුනේ නෑ.. අද කොහොමද..- බදියුදීන්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment