මහින්දට නැවත බලයට එන්න ලැබෙන්නේ නෑ.. එය ස්වභාව ධර්මයේ තීරණයක්.. අපිත් සෙනග බස්සලා පෙන්නන්නම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

මහින්දට නැවත බලයට එන්න ලැබෙන්නේ නෑ.. එය ස්වභාව ධර්මයේ තීරණයක්.. අපිත් සෙනග බස්සලා පෙන්නන්නම්..

‘මහින්ද රාජපක්ෂ මහත්තයාට කවදාවත් මේ රටේ බලයට එන්න ලැබෙන්නේ නෑ. ඒක  ස්වභාව ධර්මයේ තීරණයක්’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ රුපියල් මිලියන 27 ක වියදමෙන් කොහිලවත්ත වීරමල් මාවත සම්පුර්ණයෙන්ම කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවරීමේ උත්සවයකදීය. පසුගිය දවසක මහින්ද මහත්තයා ප්‍රකාශ කරලා තිබුණා කවුරු දේශපාලනයෙන් ඉවත් වෙන්න බලපෑම් කළත් තමාගේ ඉවත් වීම හෝ නොවීම තීරණය කරන්නේ මේ රටේ ජනතාව කියලයි. 


නමුත් ජනතාවගේ තීරණය වුනේ ජනවාරි මාසේ 8 වෙනිදා එතුමාව විශ්‍රාම ගන්වලා මැදමුලන ගෙදරට වෙලා ඉන්න කියලයි. ඉතින් ගෙදර හිටියේ නැවත අගමැතිකමට ඉල්ලුවා එකෙනුත් පැරැද්දුවා. ඉතින් තවදුරටත් ජනතාවගේ මතයට පිටුපාලනේ එන්නේ. ඉතින් අපි තුන්වෙනි වතාවටත් පරද්දනවා පළාත් පාලන ඡන්දයේදී. එකෙන් පැරදුනාට පස්සේ ඕනේ නම් බෙලිඅත්තේ සමූපාකාරයට ඉල්ලන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයාට කවදාවත් මේ රටේ බලයට එන්න ලැබෙන්නේ නෑ. 

ස්වභාව ධර්මය මිනිස්සුන්ට නටන්න දීලා බලාගෙන ඉන්නා සීමාව පැන්නාම ස්වභාව ධර්මය විසින්ම උස්සලා පොළොවේ ගහනවා. එතකොට මහින්ද මහත්තයා කියන්නේ මේ වගේ ස්වභාව ධර්මයෙන් දඩුවම් ලබපු පුද්ගලයෙක්. අනෙක් අතට තරුණ පරම්පරාව තර්කානුකූලව හිතනවා ඒ අයන රවට්ටන්න බෑ. ඒ නිසා මහින්ද මහත්තයාගේ කතා පිළිගන්න ඒ අය සූදානම් නෑ.

විමල් , ගම්මන්පිල එකතුව මහින්ද මහත්තයාව රූකඩයක් කරගෙන තියෙන්නේ. එතුමා දෙවැනි පදවි ප්‍රාප්ති උළෙලේදී කිව්වා. දෙවතාවක් මේ රටේ ජනතාව මාව ඉහළම පුටුවට තිබ්බා. ඊට පස්සේ ලබා ගන්න තියෙන ජයග්‍රහණය වෙන්නේ විශ්‍රාම ගිහිල්ලා මැද මුලනේ සුව පහසුවෙන් ඉන්න එකයි කියලා. ඒක කරගෙන හිටියානම් මේ මුකුත් නෑ.


ඒ අයට මතක් කරලා දෙන්න ඕනේ මේ රටේ ඉන්නේ මොඩයෝ නෙමෙයි. අන්දාගත් මිනිස්සුත් නෑ මේ රටේ. වීදී සටන් කලාවට පුරුදු වෙලා අරක්කු බෝතලයටයි, බත් පැකට් එකටයි කෑගහන පිරිසක් තියාගෙන මේ අය ව්‍යාජ ජනබලයක් පෙන්වීමට උත්සහ කරනවා. ගේන්න කියන්න සෙනග අපිත් බස්සලා පෙන්නන්නම්.

– මිනුර රෂාන්ත

No comments:

Post a Comment

Post Bottom Ad