යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් හට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (02) කිලිනොච්චිය ඉරණමඩුහි පිහිට සිවිල් ආරක්ෂක කඳවුර ඉදිරිපිට පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් හා ඔවුන්ගේ දූ දරුවන් මෙන්ම ඥාතිහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
රජය විසින් තමන් අත්අඩංගුවටගෙන පුනරුත්ථාපනය කොට සමාජගත කොට වසර ගණනක් ගෙවී ගොස් ඇති බවත් තවමත් පුනරුත්ථාපනය ලැබූ සාමාජිකය හට ස්ථීර රැකියාවක් ලබාදී නොමැති වීමෙන් තම ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙන බවත් විරෝධතාවයේ නිරත හිටපු කොටි සාමාජිකයෝ පැවසූහ.
එමෙන්ම තමන් හට ජීවත්වීම සඳහා ස්වයං රැකියා හෝ කුමණ හෝ රැකියාවක් ලබාදීමට පුනරුත්ථාපනය වූ කාලසීමාව තුළ විවිධ නිලධාරීන් පැමිණ ප‍්‍රතිඥා දුන්නද මේ වනවිට තමන්ට ග‍්‍රාම නිලධාරී සහතික පතක් හෝ ලබාගැනීම අපහසුවී ඇතැයිද ස්වයං රැකියාවක් හෝ ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් එක් රැස් කිරීම වෙනුවෙන් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන බැංකු වෙතට ගිය විට තමන්ට ණය දීම ද ප‍්‍රතික්ෂේප කොට ඇති බවත් ආබාධිතයින් වෙනුවෙන් ලබාදෙන දීමනාවද බොහෝ සෙයින් රජය විසින් කපාහැර දමා ඇතැයිද විරෝධතාකාරුවෝ කියා සිටියහ.
- වන්නි රොමේෂ් -

No comments:
Post a Comment