ජනප්‍රිය පාසල් 1 ශ්‍රේණියට තෝරාගත් දරුවන්ගේ පදිංචිය නැවත අහඹු පරීක්ෂාවකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 3, 2017

ජනප්‍රිය පාසල් 1 ශ්‍රේණියට තෝරාගත් දරුවන්ගේ පදිංචිය නැවත අහඹු පරීක්ෂාවකට


පදිංචි ලිපින පදනමින් ජනප්‍රිය පාසල් වලට තෝරාගන්නා සිසුන්ගේ සත්‍ය ලිපිනය පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීම මේ දක්වා සිදු කළේ එම සම්මුඛ පරීක්ෂණ වලට ආසන්න කාලයකදී පමණි. 

ඒ අනුව වෙනත් අයගේ ලිපින යොදා දරුවන් ඇතුළු කරන ඇතැම්

දෙමාපියන් එම ලිපිනවල ඒ කාලයට රැඳී සිටිමින් පදිංචිය තහවුරු කරන්නට ව්‍යාජ රංගනයන්හි නිරතවන බවට අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇත.

ඒ නිසා මෙම ලිපින නැවත නැවත තහවුරු කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇති බවත් ඒ සඳහා 2017 වසරේ සිට විශේෂ වැඩ පිළිවෙලක් අරඹා ඇති බවත් වාර්තාවේ. කොළඹ රාජකීය ආනන්ද විශාකා සිරිමාවෝ ඇතුළු ජනප්‍රිය පාසල් රැසක් මුල් කරගෙන නැවත අහඹු පරීක්ෂාකිරීමක් මේ අනුව හඳුන්වාදී ඇත.

එහිදී සිදුවන්නේ දැනටමත් පාසලට තෝරාගත් සිසුන් සඳහන් කර ඇති ලිපින අහඹු ලෙස තෝරාගෙන ඒවාට කඩාපැනීමේ ඒකක මගින් නැවත පරීක්ෂාවන් සිදුකිරීමයි. ඒ අනුව වැරදි තොරතුරු ලබාදී තිබෙන අය එම පාසල් වලින් ඉවත් කිරීමට නීති ප්‍රකාරව කටයුතු කරනු ඇති බව අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *