දයා කෝටියක පි‍යාඹයි! අමාත්‍යංශයේ වැඩිම වියදම ගුවන් ටිකට්පත් වලට!!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 25, 2017

දයා කෝටියක පි‍යාඹයි! අමාත්‍යංශයේ වැඩිම වියදම ගුවන් ටිකට්පත් වලට!!!

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකකමෙන් ඉවත් කිරීමෙන් පසු අනුකම්පා උපසභාපතිකමක් ලබා දී නමට ඇමතිකමක් ලබා දී දයා ගමගේ ලද ඇසිල්ලේ හිස ලූලූ අතර ගසාකන බව වාර්තා වේ.

මෙහි එක් වැදගත් තොරතුක් වන්නේ ඔහු ඇමතිකම දරණ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වියදම් පිළිබද වාර්තාවයි. 2016 වසරේ අමාත්‍යාංශයේ වැඩිම වියදමක් දරා ඇත්තේ විදේශ ගුවන්ටිකට්පත් සදහාය.

අමාත්‍යාංශයේ මුදලින් ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටිය ඉක්මවයි. නමුත්, එම කිසිදු සංචාරයකින් අත් කර ගත් පයිසයක තරම්වත් ලාභයක් ගැන කෙළිං කීමට එම අමාත්‍යෘංශයේ කිසිවෙකුට නොහැකිය. තවත් වැදගත් කරුණක් වන්නේ මෙම ටිකට්පත් සියල්ල වංකලෙස කැදවූ මිලගණන් යටතේ දයා ගමගේ සභාපතිත්වය දරණ දයා ඒවියේෂන් සමාගමෙන් මිලදී ගැනීමයි.

දයා ඒවියේෂන් ආයතනයට මෙම ටිකට් ටෙන්ඩරය දී ඇත්තේ පොතේ නැති තවත් සමාගම් කිහිපයකින් බවට කියමින් කැදවූ මිල ගණන් සහිත කඩදාසි කිහිපයක් සබ්ජෙක්ට් ෆයිල් එකට දැමීමෙන් පසුවය. දයා ගමගේ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්ධුරය දරණ දයා සමූහ ව්‍යාපාරයේ හිටපු ඉංජිනේරුවරයකු වූ බී. වික්‍රමාරච්චි නැමැත්තා ද දයා ගමගේගේ ඔ්නෑම පදයකට නටයි. 


පරිපාලන නීති හෝ චක්‍රලේඛ පිළිබද අබමල් රේණුවක් මායිම් නොකරන හෝ නොදන්නා ඔහුට අවශ්‍ය එකම දේ මාසයකට වරක් දෙවරක් තායිලන්තය හරහා විදේශ සංචාරයක නිරත වීම පමණි. මෙම විදේශ ටිකට්පත් ආශ්‍රයෙන් දයා ගමගේගේ පවුලේ ඥාතීන් ද දයා සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන සදහා ගැණුම්කරුවන් සෙවීම සදහා පිටරට යන පුද්ගලයින්ද අමාත්‍යවරයාගේ බිරිද වන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ද අමාත්‍යවරයාගේ සහෝදරිය ද අවස්ථා ගණනාවක දී විදේශගත වී ඇත.

ඇතැම් අවස්ථාවල දී මෙලෙස කටයුතු කිරීම හා ඒවාට අවශ්‍ය සහාය ලබා දීම තම රාජකාරී සදහාද තර්ජනයක් වනු ඇතැයි කියා සිටි සහකාර ලේකම්වරියක එම තනතුරෙන් පලවා හැර ඇත. එහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ – ඔයා මම කියන දේ කරන්න – කියා බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad