දෑස පලාගෙන කඳුලැලි එන රන්සිඳුගේ සැබෑ ආදරය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 25, 2017

දෑස පලාගෙන කඳුලැලි එන රන්සිඳුගේ සැබෑ ආදරය මෙන්න

ආදරේ කියන අකුරු හතර ඇතුලේ ලොකු අර්ථයක් වගේම ලොකු ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. ඒත් ඒ ආදරේ පිවිතුරුබව වගේම ආදරේ වටිනාකම හදුනන හදවත් ගොඩක් අඩුයි.

හමේ පාටට, සල්ලිවලට, හැඟීමට ආදරේ විකිණෙන මේ ලෝකේ ඇතුලෙම ඒ ආදරේ වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සුත් ඕනෑ තරම් මේ සමාජෙදි අපිට හමුවෙනවා. අපි මේ විදිහට ආදරේ ගැන කියන්න හිතුවේ සැප සම්පත්වලට ලස්සනට ආදරේ කරන මිනිස්සු අතරේ හදවතට අවංකවම ආදරේ කරන තරුණයෙක් නිසයි.

ඔහු නමින් රන්සිඳු දෙනුවන්. රන්සිඳු පදිංචිවෙලා ඉන්නේ ගාල්ලේ. රන්සිඳු ආදරෙන් බැඳිලා ඉන්න තරුණියගේ ඔලුවේ ඇතිවුණු තුවාලෙකට කරපු බෙහෙතක් විස වෙලා පුංචි කාලෙදිම එයාගේ කොණ්ඩේ අහිමි වෙලා. ඒත් ඒ අහිමිවීම ආදරේට බාධාවක් නොකරගෙන දෙපාරක් හිතන්නේ නැතිව රන්සිඳු මේ තරුණියට ආදරේ කරන්න පටන් අරගෙන.

ඉතිං මේ සමාජය ඇතුලේ ආදරේ හෑල්ලු වෙන, විකිණෙන, වෙනස් වෙන හැටි දැක්කම රන්සිඳු කියන්නේ උතුම් මනුස්සයෙක් කියලයි අපිට හිතෙන්නේ. ඒ නිසාමයි මුහුණුපොත පුරාම හුවමාරු වෙන මේ ආදර කතාව ගැන අපිත් ඔබට කියන්න හිතුවේ.

  



No comments:

Post a Comment

Post Bottom Ad