'සමලිංගික' කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 17, 2017

'සමලිංගික' කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි

'සමලිංගික' කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි
ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව සමලිංගික විවාහ නීතියෙන් නීතිගත කිරීමේ යෝජනාව මේ වනවිටත් ඉවත් කරදැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමිව තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව රට තුළ ඇතිකළ මානව හිමිකම සුරැකීම, ප්‍රජාත්‍රන්තවාදය ඇතිකිරීම යන කරුණු මත බවත් මේ නිසා ක්‍රියාකාරී සැලැස්ම එතරම් වැදගත් නොවන බවත් එහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේ හා නොකිරීමේ අයිතිය අප රට සතු බවද රාජ්‍ය අමාත්‍යවරයා අද (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad