සජිත් ප්‍රේමදාස අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි!!! (Breaking News) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 17, 2017

සජිත් ප්‍රේමදාස අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි!!! (Breaking News)

නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාද වන සජිත් ප්‍රේමදාස මහතා සිය අමාත්‍යදූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වේ.

සිය අමාත්‍යංශයට මෙවර අයවැය මගින් වෙන්කර තිබූ රුපියල් මිලියන 6000 මුදලක් මුදල් අමාත්‍යවරයා විසින් එම අමාත්‍යංශයෙන් ඉවත් කර පලනී දිගම්බරම් සහ ස්වාමිනාදන් අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වලට ලබාදීම පිළිබඳ වූ ආරවුලක් දුරදිගයාමෙන් පසුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අද උදෑසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමන්ගේ මෙම තීරණය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති අතර මෙම ගැටලුවට විසදුම් ලබා දෙමින් සිය අමාත්‍යංශයට අයත් රුපියල් මිලියන 6000 ප්‍රතිපාදන නැවත ලබාදීමට නියෝග කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. 


මෙම ගැටලුවේදී තමන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කල හැකි එකම පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත් ඔහු එසේ නොකරන්නේ නම් තමන් මීළඟ කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයාටම සිය ඉල්ලා අස්වීම භාර දෙන බවත් ප්‍රකාශ කර තිබේ.

උපුටා ගැනීම : harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad